ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම

තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

නව අයෝජනයන් මෙරටට පැමිණිමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසගේ ආදායම් මට්ටමද ඉහළ යනු ඇති බවත් එමගින් සමස්ථ ආර්ථිකයේම පිබිදීමක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය

අමාත්‍යවරයා තවදුරටත් මෙසේ පැවසීය,

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් 

ලංකාව බංකොලොත්වීම නිසා මෙරට අයෝජනය කිරීමට නොහැකි වූ ආයතන රැසක් ළඟදීම තමන්ගේ අයෝජන මෙරටට ගෙන ඒමට කටයුතු කරන බවත්, එමගින් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවූ පිබිදීමක් ඇතිවන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසීය.

නව අයෝජනයන් මෙරටට පැමිණිමත් සමඟ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීන් වල නියැලෙන පිරිසගේ ආදායම් මට්ටමද ඉහළ යනු ඇති බවත් එමගින් සමස්ථ ආර්ථිකයේම පිබිදීමක් සිදුවන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ මෙරට අවදිමත් අංශයේ රැකියා වල නිරතවන සියලුදෙනා හට ගෞරවනීය බවක් සහ සුරක්ෂිත බවක් ලබාදීමට දියත්කර ඇති “ගරු සරු” වැඩසටහන යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයින්ගේ වෘත්තීය මට්ටම ඉහළ දැමීම හා වෘත්තීය සුරක්ෂිත බව ආරක්ෂා කිරීම පිළිබඳව පැවති සාකච්ඡාව අතරතුරදීය

''අවුරුදු එකහාමාරකට විතර ඉස්සෙල්ලා අපිට මොන වැඩක්වත් තිබුනේ නැහැ. අපි හැමෝම ජීවත් වෙන්න අමාරු තැනකට වැටුනා. මොන කාර්මාන්තයක්වත් ක්‍රියාත්මක වුනේ නැහැ''

''අදටත් ඉදි කිරීම් ක්ෂේත්‍රයේ නිසි ආරම්භයක් සිදුවෙලා නැහැ. තාමත් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වැඩකටයුතු සිදුවෙන්නේ ඉතාමත්ම සෙමින්. දැන් තමයි ටික ටික පටන් ගන්න හදන්නේ. ජනවාරි, පෙරබාරි, මාර්තු වෙනකොට තමයි රටේ ආර්ථිකයේ වෙනස ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ.

අපිට වැට් බදු ගහනවා, විදුලි බිල, ජල බිල, ජීවන වියදම වැඩී කියලා චෝදනා එල්ල වෙනවා. ඒත් මුකුත් නැතිව මේ රටේ මිනිස්ස මැරිල යන එක වලක්වා ගන්න අපිට පුළුවන් වුනා. ඒ වගේම අපි ටිකක් අමාරුවෙන් කාලය ගත කළා.  ඒත් දැන් ඇවිත් තියෙන්නේ මේ තත්ත්වයෙන් මිදෙන අවස්ථාවයි.

අපි ණය ගෙවනන් බැරිව බංකොලෙත් රාජ්‍ය විදිහට නම් කරපු රටක්. ඒත් අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබුනා. තව ටික දවසකින් අපිට අපි බංකොලොත් නෑ කියලා කියන්න හැකියා ලැබෙනවා.

ඒ වගේම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට වලට අදාල සියලු එකඟතා අපිට ලැබෙමින් පවතිනවා. ඒත් එක්කම අපිට නව අයෝජන ගලා ඒම සිදුවෙනවා. එතකොට නව ඉදිරිකිරීම් ඇතිවෙනවා. ඒත් සමඟම සැහැල්ලු දුම්රිය මර්ගය ඉදිකරීම වගේ ව්‍යාපෘතිත් ආරම්භ වෙනවා.

මේවා සියල්ල සමඟ ව්‍යපෘති රැසක් ආරම්භ වෙනවා. මේ අතර ශ්‍රී ලංකාව බංකොලොත් කිව්ව නිසා ආයෝජනය කරන්න බැරිවුන ආයතන රැසක් නුදුරේදීම සිය අයෝජන මෙරටට ගෙන එන්න කටයුතු කරනවා. එතකොට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වෙනදා නොවුනු පිපිදීමක් ඇතිවීමට නියමිතයි.

ජනතාව ඉල්ලුවා සිස්සටම් එක මාරු කරන්න කියලා. සිස්ටම් එක මාර කරනවා කියන්නේ ඔළු ගෙඩි මාරු කරන එක නෙමෙයි. එතනදි වෙන්න ඕනේ සිස්ටම් එක වෙනස් වීමයි ඒ නිසාමයි අපි මේ ආර්ථික වැඩපිළවෙල වෙනස් කරන්න කටයුතු කළේ.

ඡන්ද ඉලක්ක කරගෙන කටයුතු කිරීමේ ප්‍රතිපත්ති වෙනස් කළා. ඒ නිසාමයි මේ විදිහට විදුල බිල, බදු  වැඩි කරන්න කටයුතු කළේ. ඒවා ඡන්ද වලට ඉතාම නුසුදුසු තීරණ.


රාජ්‍ය සේවකයින් බඳවා ගැනීම නතර කළා. රටේ සල්ලි ආරක්ෂා කරන ව්‍යාපෘති විතරයි ක්‍රියාත්මක වෙන්නේ. මේ නිසාම ආර්ථික නව මානයකට යොමුවෙලා තියෙනවා. සියලුම ක්ෂේත්‍ර වල වෙනස්කම් කරනවා. ඉදිරි මාස කීපයේදී මෙරට ඉතිහාසයේ වැඩිම පනත් සංඛ්‍යාවක් සම්මත වෙන කාලය බවට පත්වෙනවා. මේ පනත් එක්කම පරණ ක්‍රමවේදයන් සියල්ලම වෙනස් වෙනවා.

සමහරු කියනවා විදේශ රටවල බදු අය කළාට ඒ රටවල තත්ත්වය නැහැ කියලා. හැබැයි මේවා එකපාරටම වෙනස් කරන්න බැහැ. මේ චක්‍රය කඩන තැනැත් තිබිය යුතුයි. ඒ තැනයි අපි දැන් සිටින්නේ. ඔබේ සියලුම බදු වැය කරන්නේ සංවර්ධන කටයුතු වලට විතරයි.

අනවශ්‍ය විදිහට පඩි ගෙවන්න අපි බදු සල්ල වැයකරන්නේ නැහැ. පාඩු ලබන ආයතන ඉවත් කරලා මේක දියණු රටක් කරන වැඩසටහනක් ආරම්භ කරලයි තියෙන්නේ.

ගරුසරු වැඩසටහන යටතේ ශ්‍රමය ගෞරවයක් මෙන්ම සාරවත් බවක් ලබාදීමටත් අපි අපෙක්ෂා කරනවා. එහිදී ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාලව ප්‍රමිතීන් සකස් කරනත් බලාපොරොත්තු වෙනවා. ඒවා සකස් කරන්නේ ඔබ විසින්මයි.

එහෙම ප්‍රමිතියක් ආවාම ඔබට ගරුත්වයක් ඇතිවෙනවා. නමුත් මීට අදාල ප්‍රමිතීන් ඔබ විසින්ම සකස් කළයුතුයි.නමුත් එය විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔබට සාර්වත් බවත් අවශ්‍යකරනවා. එ් සඳහා අපි ආරක්ෂා වීම ගැනත් සැලකිලිමත් විය යුතුයි.

ආරක්ෂාව තහවුරු කිරීමට නම් අපි ආරක්ෂිත මෙවලම් පැලදීම කළයුතුයි. ලෝකයේ දියුණු රටවල් රැසක අපිට හිතෙන විදිහේ ඇදුම් ඇඳගෙන වැඩ කරන්න බැහැ. වැඩ කරද්දි අත් ආවරණ දාන්න ඕනේ. ටයිල් වගේ දේවල් කපන කොට මුහුණ, දැස ආරක්ෂා කරගන්න ආරක්ෂක පලදනා දැමීම අනිවාර්ය වෙනවා.

ඔබත් ඒ ආරක්ෂක මෙවලම් භාවිතා  කරනවා. හැබැයි අපේ රටේ ඒවාට අදාල නීති නැහැ. සමහරු අනතුරු වලට මුහුණදෙන්නේ ඒ නිසාමයි. පලංචියේ යද්දි කේබල් දාගෙන යන්න කිව්වාට ඒවා දාගන්නේ නැහැ. අපේ රටේ ඒවට අදාල නීති නැහැ.

අපිට නව රැකිරක්ෂා පනත ජනවාරි පෙබරවාරි වෙනෙකට එළිදක්වන්න හැකිවෙයි. මේ පනතට අපි සුවේශ්ෂි කොටස් දෙකක් එකතු කළා. ඒ අනුව අපි මෙතැන් සිට වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍ය කියන කාරණය අනිවාර්ය කරනවා.

රැකියාවක් දිගටම කරනකොට ඇතිවෙන රෝග තියෙනවා. මේ රෝග වලින් ඔබව ආරක්ෂා කරන වැඩපිළිවෙලක් අපි නීතියෙන්ම හදුන්වා දෙනවා.
 
මීට අමතරව රැකියාව කරන අවස්ථාවේ ආරක්ෂිත බව වර්ධනය කරන්නත් කටයුතු කරනවා. ආරක්ෂිත පිලිවෙත්, උපකරණ, ඇදුම් භාවිතා කරනවා නම් අද වෙන අනතුරු වලින් සියයට අසූවක් විතර වලක්වා ගන්න පුළුවන්. මේකට අවශ්‍ය කරන අවකාශය නීතියෙන්ම ලබාදෙන්නත් කටයුතු කරනවා.

ඔබේ වෘත්තීය ගරුත්වය වෙනුවෙන් අපි අලුත් පරිච්චේදයක් වෙන් කරලා තියෙනවා. ඒ අනුව අදාල ක්ෂේත්‍ර වලට වෙන් වූ වෘත්තීය මණ්ඩල ඇති කරනවා. ඒ වෘත්තීය මණ්ඩල කම්කරු පනත යටතේ බලාත්මක කරනවා.

මේ මණ්ඩල හදන්නේ අපි නෙමෙයි ඔබයි. ඔබ තමයි කොයි විදිහේ සුදුසුකම්ද තිබිය යුත්තේ කියන කාරණය තීරණය කරන්නේ. එහිදී ඔබේ මණ්ඩලය හදල දෙන නීති ගැසට් කිරීම අමත්‍යවරයා විදිහට කටයුතු කරනවා. ඊට අදාල බලය නව රැකීරක්ෂා පනත යටතේ අමාත්‍යවරයාට ලැබෙනවා.

මීට අමතරව ඔබට අනතුරක් වුනොත් ඊට අදාල වන්දි ගන්න නම් සමාජ ආරක්ෂණයක් තිබිය යුතුමයි. දැනට ඔබට ඒකට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ. නමුත් අපි කැබිනට් මණ්ඩලය හරහා අනුමැතියක් ලබාගෙන තියෙනවා.''
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්