leader s

කොළඹ ජාතික අක්ෂි රෝහල තුළ අද (14) දිනයේ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, අක්ෂි රෝහලේ ප්‍රධාන පරිපාලකවරයාගේ විෂමාචාර ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් බලධාරීන් විසින් මෙතෙක් කිසිදු පියවර නොගැනීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

අද පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා කාලය තුළ අක්ෂි රෝහල තුළ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේය.

අද දිනය තුළ මෙම ප්‍රශ්නයට විසඳුමක් නොලැබෙන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව ද වෛද්‍ය චමිල් විජේසිංහ පැවසීය.

කෙසේ වෙතත් සංඛේත වැඩ වර්ජන කාලසීමාව තුළ හදිසි ප්‍රතිකාර සේවා පමණක් ක්‍රියාත්මක වේ.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්