leader s

ඉන්දියා සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කලාපයේ රටවල් තීරණයකට එළඹ තිබේ.


මොරිසස් දිවයිනේ පැවති ආරක්ෂක උපදේශකවරුන්ගේ සමුළුවේදී මෙම තීරණයට එළැඹ ඇති අතර ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ කොළඹ ආරක්ෂක ප්‍රකාශයද මෙහිදී එළි දක්වා ඇත.

ඉන්දියාව සහ දකුණු ආසියා කලාපයේ සාගරය ආශ්‍රිත රටවල් වල සහ දකුණු අප්‍රිකා රටවල නියෝජිතයෝද මෙම සමුළුවට සහභාගී වූහ.

 ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක ඉහත යෝජනාව ඉදිරිපත් කර ඇති අතර සමුළුව ඊට එකඟතාවය පළ කර ඇත.


මේ අනුව ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ සියලු කටයුතු ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කෙරෙයි.

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව තහවුරු කිරීමේ මූලස්ථානය ලබන ජනවාරියේදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව කේන්ද්‍ර කර ගනිමින් පිහිටුවීමට නියමිත අතර අනතුරුව එය ස්ථිර ගොඩනැගිල්ලක ස්ථාපිත කිරීමට නියමිතව පවතී.


(lankadeepa.lk- අංජුල මහික වීරරත්න)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්