leader s

මිහින්තලාවේ ආරක්ෂාවට පොලීසිය පමණක් ප්‍රමාණවත් නොවන බව මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය  වලවාහැංගුණවැවේ ධම්මරතන

හිමියෝ පවසති.

මල්වතු අස්ගිරි මහ නාහිමිවරු ඊයේ (15) බැහැදුටු අවස්ථාවේ දී උන්වහන්සේ සඳහන් කළේ, වත්මන් ආණ්ඩුව දිගින් දිගටම සම්බුද්ධ ශාසනයෙන් පළිගනිමින් සිටින බවයි.

සම්බුද්ධ ශාසනයට සහ මහ සඟරුවනට විවිධ පාර්ශවවලින් අභියෝග එල්ල වන බව පවසමින් ඒ පිළිබඳ මහ නාහිමිවරු දැනුම්වත් කිරීමට මිහින්තලේ රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ ඊයේ පෙවරුවේ මහනුවරට වැඩම කළහ.

උන්වහන්සේ පළමුව මල්වතු පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමිපාණන් සම්මුඛ වූ අතර, පසු ව මිහින්තලා විහාරාධිපති හිමියන් අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමිපාණන් ද හමු වූහ.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්