leader s

පාතාල ක්‍රියා සිදුවී ඇත්තේ පොලිස් වසම් 43ක පමණක් බවත් මෙම වසරේ දත්ත විශ්ලේෂණය කිරීමේදී ඒ බව අනාවරණය වෙන බවත් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.


වැඩබලන පොලිස්පතිවරයා ඒ බව සඳහන් කළේ, ඇල්පිටිය පොලිස් කොට්ඨාශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම උදෙසා අම්බලන්ගොඩ ධර්මශෝක විද්‍යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමිනි.

ඔහු එහිදී තවදුරටත් මෙසේද පැවසිය.

"පාතාලේ නැතිකරන්න නම් පළාත් දෙකයි හදාගන්න ඕනේ. බස්නාහිර සහ දකුණු පළාත. ලංකාවේම පාතාල කතාවක් නැහැ. පොලිස් වසම් 43ක පමණයි පාතාල ක්‍රියා සිදුවෙන්නේ. උදව් කරන්න... මාස කිහිපයකින් පාතාලය නැති කරන්නම්. 

පාතාලයට සම්බන්ධ වූ 1091ක් ඉන්නවා. ඔවුන්ට එළියට බහින්න බැරි තත්ත්වයක් ඇති කරනවා. උදේ මිනී මරලා හවස ඩුබායි යනවා. මිනීමරුවෝ 23ක් ඩුබායිවල එකම මහල් නිවසක ඉන්නවා. ඔවුන්ව මෙරටට ගෙන්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා. ජනවාරිවලින් පසු පාතාලයට සම්බන්ධ 1091 දෙනාට... ගුවන්තොටුපොළින් හොර පාස්පෝර්ට් හදන් යන්න බැහැ."

 
අමාත්‍යංශ ලේකම් වියානි ගුණතිලක, විශේෂ කාර්ය බලකාය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පොලිස් ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
 
WhatsApp Image 2023 12 17 at 9.28.14 AMWhatsApp Image 2023 12 17 at 9.28.15 AM 3WhatsApp Image 2023 12 17 at 9.28.15 AM
මෙම වැඩමුළුව අමතමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද අදහස් දැක්විය. '' කුමන අවහිර බාධක පැමිණුනත් පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩ පැවැත්වීමේ වැඩපිළිවෙළ නවතන්නේ නැහැ.'' යයි ඔහු එහිදී අවධාරණය කළේය. 

සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය මර්දන මෙහෙයුම් අද (17) අළුයම සිට ආරම්භ කිරීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පොලිසියට නියෝගකර ඇත. 
 
අමාත්‍යවරයා පැවසුවේ මත්ද්‍රව්‍යවලට සහ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවරක් ගන්නා ලෙස ආරක්ෂක අංශ වෙත මේවනවිටත් උපදෙස් ලබා දි ඇති බවයි. 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්