ඉදිරියේ දී සමගි ජන බලවේගය සමඟ එක් ව පුළුල් විපක්ෂ බලවේගයක් ගොඩනඟන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් පවසයි.


අතිශයින් භයානක ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට විරුද්ධ ව ජනතාව ආරක්ෂා කර ගැනීම සිය අපේක්ෂාව බව මන්ත්‍රීවරයා කියා සිටියි.

මහාචාර්ය ජී.එල් පීරිස් ඒ බව සඳහන් කර සිටියේ, ගැටඹේ රාජෝපවනාරාම විහාරාධිපති රාමඤ්ඥ මහා නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවිමල හිමියන් බැහැ දැකීමෙන් අනතුරු ව මාධ්‍යය වෙත අදහස් දක්වමිනි.

'' නැතිබැරි මිනිහගෙන් පුලුවන් තරම් බදු අරගෙන. ධන කුවේරයන්ට අත තබා නෑ. එය කිසිවිටක ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ආරෝපනය කරන්නට පුලුවන් කමක් නැහැ. සියලුම ඇමතිවරුන් ජනාධිපතිවරයාගේ ඉත්තන් බවට පත්වෙලා. සියල්ල ජනාධිපතිවරයා විසින් පාලනය කරනු ලබනවා.''

ජනතාවරමකින් පත්වු ජනාධිපතිවරයකුට මේසා බලයක් නොතිබු බවද මන්ත්‍රීවරයා පැවැසිය.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්