පාසල් අවට, සිසුන්ට අහිතකර ද්‍රව්‍ය අළෙවි කරන සියළුම ස්ථාන මීළඟ පාසල් වාරය ආරම්භවීමට පෙර

ඉවත් කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ඔහු එබව කියා සිටියේ, කොළඹ වේළුවන විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

දරුවන්ට අහිතරක දේවල් ප්‍රචාරය කරන, බෙදාහරින, අළෙවි කරන සහ දරුවන් යොමු කරන සියලුම දේවල් ඉවත් කරන බව කී දේශබන්දු තෙන්නකෝන්, ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද අවධාරණය කළේය.

වැඩබලන පොලිස්පතිවරයා කියාසිටියේ සෑම පාසලකම මීටර් 500 සීමා තුළ ඇති එවැනි ස්ථාන පිළිබද දැඩි අවධානයක් යොමු කරන බවයි. 

 
මේ අතර අපරාධකරුවන් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ 'යුක්ති' මෙහෙයුම යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කළ වැටලීම්වලදී මේ දක්වා පොලිස් භාරයට ගෙන ඇති මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් ලක්‍ෂ 3,000කට අධික බව පොලීසිය පවසයි.

දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක 'යුක්ති' මෙහෙයුම සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව, අදාළ මෙහෙයුම්වලදි අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබදවද කරුණු දැක්විය.

 බුත්තලදී කපන්නට සූදානම් කර තිබූ අක්කර 05ක ගංජා හේනක් වටලයි

මේ අතර කපන්නට සූදානම් කරතිබූ අක්කර 05ක ගංජා හේනක් මාතර කොට්ඨාශයේ නිලධාරීන් විසින් වටලා ඇත.

අද උදෑසන සිදුකල මෙම වැටලීමේදී එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී අක්කර පහක ගංජා වගාවක් කපා බෙදා හැරීමට සූදානම්ව සිටි බව පොලිස් ආරංචිමාර්ග පැවසීය

මෙම ගංජා වගාවේ වටිනාකම හා ප්‍රමාණය මෙතෙක් තක්සේරු කර නොමැත

කුඩු හා පාතාලය මර්ධනය කිරීමේ 'යුක්ති' මෙහෙයුම යටතේ මෙම වැටලීම සිදුකර තිබේ.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්