බාල වයස්කාර ගැහැණු දරුවන් මව්වරුන් බවට පත්වීම බරපතළ සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ

සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසයි.

පසුගිය නොවැම්බර් මාසයේ පොලිස් වාර්තාවලට අනුව බාලවයස්කාර ගැහැණු දරුවන් 10 දෙනෙකු ගැබ් ගැනීමට ලක්ව ඇත.

වසරේ ගෙවී ගිය කාලය තුළ ළමා මව්වරුන් 2000ක් වාර්තාවන බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණ කළේය.

මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් දරුවන් බේරාගැනීම සඳහා ඔවුන්ට ලිංගික අපයෝජනයන් සහ ඒවා වළක්වාගැනීම පිළිබඳව මනා දැනුමක් ලබාදීමද සිදුකළ යුතු බව ඔහු පෙන්වාදෙයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු එබව කියා සිටියේය.

ගැහැණු දරුවන් මෙන්ම පිරිමි දරුවන්ද ලිංගික අපයෝජනයට ලක්වීමේ වැඩි ඉඩක් පවතින බව තම අධිකාරියට ලැබෙන පැමිණිලි අනුව අනාවරණ වී ඇතැයි ද එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය කුමාර අමරසිංහ සඳහන් කළේ ය.


බාල වියකදී ගර්භනී භාවයට පත් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේ දැරියන් බරපතල සෞඛ්‍ය සහ සමාජයීය ප්‍රශ්නවලට මුහුණ දෙන බවද වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ දෙමාපියන් ළමා මවුවරුන්ගේ ප්‍රශ්නයට මුහුණ දීම වෙනුවට එය සමාජයෙන් සැඟවීමේ උත්සාහයක නිරත වන බව, නිමල්කා ප්‍රනාන්දු වරක් බීබීසී සංදේශයට පවසා තිබිණ.

ව්‍යභිචාරය

බාල වියේදී ගැබ් ගැනීම සම්බන්ධයෙන් දැරියන්ටම වරද පැටවීම සහ අවමන් කිරීම බොහෝ රටවල සම්ප්‍රදාය බවට පත් වී තිබෙන බව පවසන එක්සත් ජාතීන්ගේ සංවිධානය, කෙසේ නමුත් මේ ගැටලුවේදී සමස්ත සමාජයම වග උත්තරකරුවන් බව අවධාරණය කරයි.

එය අනුමත කරන නිමල්කා ප්‍රනාන්දු, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේදී පවුලේම වැඩිහිටියන් අතින් අතවරයට ලක් වන දැරියන් සම්බන්ධයෙන් සමාජය තවමත් මුනිවත රකින බව පෙන්වා දෙන්නීය.

ශ්‍රී ලංකාවේත් ඇතැම් ප්‍රදේශවල දෙමාපියන්ගේම අනුදැනුමෙන් බාල වියේදීම කෙරෙන විවාහ සමාජයේ වැඩි අවධානයකට ලක් නොවූ මාතෘකාවකි.

ළමා විවාහ: 'මාව අවුරුදු 12 දී ඩොලර් 9 කට විවාහයට විකුණුවා'

වයස අවුරුදු 12 දී තමරා විවාහ වූ අතර අවුරුදු 13ක් වන විට ඇය මවක වූවාය.

සෑම වසරකම අවුරුදු 18ට අඩු ගැහැණු දරුවන් මිලියන 12ක් පමණ ලොවපුරා විවාහ වන අතර තමරා ඉන් එක් අයෙකු වන්නීය.

පවුල් පරිසරය සහ ඇය මුහුණ දුන් අමිහිරි අත්දැකීම් BBC සමග මෙසේ විස්තර කර තිබිණ.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්