දිවයින පුරා ක්‍රියාත්මක 'යුක්ති' විශේෂ මෙහෙයුමේ දී පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2,166 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.


අත්අඩංගුවට ගත් පිරිසෙන් 66 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබා ගෙන ඇති අතර සැකකරුවන් 14දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර තිබේ.

තවත් 226 දෙනෙකු පුනරුත්ථාපනයට යොමුකර ඇති බව පොලීසිය පැවසුවේය.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 169 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ මෙහෙයුමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 370ක්, අයිස් ග්‍රෑම් 556ක්, ගංජා කිලෝග්‍රෑම් 7යි ග්‍රෑම් 800ක්, මාවා කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 500ක් සහ මත්පෙති 1,075ක් ද සොයා ගෙන තිබේ.

scan0065 page 0003


වාහන 09ක් පොලිසිය බාරයට 

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කිහිපයකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් විවිධ වර්ගයේ වෑන් රථ 02 ක්, කාර් රථ 04 ක්, ලොරි රථ 02 ක් සහ යතුරු පැදි 01 ක් වශයෙන් වාහන 09 ක් සමග එක් සැකකරුවෙක් 'යුක්ති' මෙහෙයුම යටතේ ගතවු පැය 24 තුළ දී අත්අඩංගුවට ගෙන ඇත.

ඉහත දේපල වල මුළු වටිනාකම ලක්ෂ 680කට ආසන්න බවට අනාවරණය වී ඇති අතර, ඉදිරියේදී මෙලෙස තහනමට ගත් දේපල රාජසන්තක කිරීමට කටයුතු සිදුකිරීමට කටයුතු කරනු ලබන බව පොලිස් මුලස්ථානය පවසයි.

raid 23

raid 2323342cfsdf


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්