සමගි ජනබලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් තරුණ කමිටුවේ  සංවිධායකවරයා බව කියන

අයෙකු, එම සංවිධායක ධුරයෙන් ඉවත් කර පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්විටුවීමට කටයුතු කළ බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර පැවසීය.

හෙට (22) පැවැත්වෙන පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට  මෙම තීරණය ඉදිරිපත් කොට අනුමැතිය ලබාගැනීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය වැටලීමකදී අදාල සජබ දිස්ත්‍රීක් සංවිධායකවරයා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගැනීම පිළිබඳ අවධානය යොමු කරමින් පක්ෂය මෙම පියවර ගත් බවත් ඔහු තවදුරටත් කීවේය.

කුරුණෑගල පොතුහැර මාවතගම ප්‍රදේශයේ පදිංචිව සිටින සැකකරු 35 හැවිරිදි අයෙකි. ඔහු ව්‍යාපාර කටයුතු වල නිරතව සිටින්නෙකු බවද කියයි.

සැකකරු තම මිතුරන් පිරිසක් සමඟ කෑගල්ල දෙස සිට රඹුක්කන හරහා කුරුණෑගලට යමින් සිටියදී, හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් සමඟ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් රඹුක්කනදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ගමන් කරමින් සිටි මොන්ටෙරෝ වර්ගයේ සුපිරි ජීප් රථයක් සහ ප්‍රියස් වර්ගයේ මෝටර් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

(lankadeepa.lk)

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්