leader s

ආර්ථික වශයෙන් රට තවමත් හැම අතින්ම හොඳ අතට පත්ව නැතැයි මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රට පැවති ආර්ථික අර්බුදයෙන් යම් කිසි ස්ථාවරභාවයකට පත්වීම පමණක් මේ වනවිට සිදුව ඇති බවයි.

එබැවින් මෙරට ආර්ථික වර්ධන වේගය 4% -5%කට පමණ පැමිණි විට රට සාමාන්‍ය අතට පත්ව ඇතැයි කිව හැකි බව මහබැංකු අධිපතිවරයා කියාසිටී.

පවතින වැඩපිළිවෙළ ස්ථාවර මට්ටමින් ගෙනයන අතරතුර තවත් පුළුල් වැඩසටහනක් මධ්‍යකාලීන ලෙස ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන බව ඔහු අවධාරණය කරයි.


2022 වසරේ සිදුවූයේ රටේ සංචිත තත්ත්වය මුළුමනින්ම නැතිවීම නිසා ඇති වූ ආර්ථික අර්බුදයක් බව මහබැංකු අධිපතිවරයා සිහිපත් කළේය.

ඉදිරියේදීත් ආර්ථික අර්බුදයක් ඇතිවිය හැකි නමුත් අපට සිදුවූ අර්බුදයට යළිත් නොවැටී සිටීමට නම් රටේ බාහිර සංචිත ගොඩනගාගෙන තිබිය යුතුම බව මහබැංකු අධිපතිවරයා පැහැදිලි කළේ මෙසේය.



(සංජීවනී එදිරිසිංහ-newswave.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්