leader s

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් නැමති ප්‍රතිදේහ බාල ඖෂධය මෙරටට ගෙන්වා රෝගීන් අනාරක්ෂිත කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත විසින් රහස් පොලීසියට ලබාදුන් ප්‍රකාශයක් මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගෙන් ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

හිටපු සෞඛ්‍ය ලේකම්වරයා විසින් ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වී ඇත්තේ තමන්ට ඇමැතිවරයා ලබාදුන් නියෝග ක්‍රියත්මක කළ බවය.

කෙසේ වෙතත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසුව අදාළ නඩුවට අමාත්‍යවරයා සැකකරුවෙක් හෝ සාක්ෂිකරුවෙක් ලෙස ඉදිරිපත් කරනවාද නැද්ද යන්න තීරණය කරන බව රහස් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දැනට බන්ධනාගාර ගතවී සිටින හිටපු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රගුප්ත ඉදිරියේදී රජයේ ප්‍රධාන සාක්ෂිකරු ලෙස නම් කිරීමට බොහෝදුරට ඉඩ ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

 මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතව ඇති අතර ඔහු සම්බන්ධයෙන්ද ප්‍රකාශය ලබාගැනීමෙන් පසුව තීරණය ගැනීමට රහස් පොලිසීය තීන්දු කර තිබේ.


මේ වනවිට පැමිණිල්ලට අදාළව සෞඛ්‍ය ලොක්කන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් තොරතුරු සහ ඔවුන්ගේ කාර්යාලවල ඇති ලිපිගොනු සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම මේ වනවිට සිදුකරමින් ඇත.

රෝහල් සඳහා එන්නත්  7500ක් අවශ්‍ය වී තිබූ නමුදු මෙම බාල එන්නත් 22500ක් ආනයනය කර ඇත. ඒ සඳහා රුපියල් මිලියන 1000ක මුදලක් වෙන්කර තිබේ. එම එන්නත ඇතුළු ඖෂධ වර්ග 181 ක් සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 30000 කි.

(deshaya.lk)

සබැඳි පුවත් :
ටිරාන් කියපු අත්අඩංගුවට ගන්න කතාවට කෙහෙළිය උත්තරය බඳී


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්