The Leader News
BREAKING
ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●ණය අර්බුදයේ සැබෑ අවදානම ආචාර්ය හර්ෂ හෙළිකරයි●සංඛ්‍යාලේඛන දිනුවත් බඩගින්න දිනයි ද? අනාගත අර්බුදය●ඉන්ධන වියදම ඉහළට: මිල සූත්‍රය සහ වෙළඳපොළ අතර ගැටුමක්●වාහන ආනයන රැල්ලෙන් භාණ්ඩාගාරයට වාසි: මූල්‍ය ක්ෂේත්‍රයට අභියෝග●ඇමෙරිකානු මොන්ටානා ආණ්ඩුකාරවරයා කොළඹට: පරිප්පු වෙළඳපොළට සහ ආරක්ෂාවට නව මාවතක්●කූඨ ලේඛන සකසා ව්‍යාජ අත්සන් යෙදූ බවට අනාවරණය වූයේ නෑ - බෙහෙත් නඩුවේදී විමර්ශන නිලධාරියා කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයෙන් රතු එළියක්●ලෝකයටම එන ණය කුණාටුව: IMF ප්‍රධානියාගෙන් රතු එළියක්●
Top Ad
පුවත්

ශ්‍රී ලංකාවේ නව ජනගහනය මිලියන 21.7 ඉක්මවයි

T

The Leader Desk

April 7, 2026 • 11:57 AM

ශ්‍රී ලංකාවේ නව ජනගහනය මිලියන 21.7 ඉක්මවයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී.
  • කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ.
  • මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් (යාවකාලික) ජනගහනය 21,763,170කි.
  • මෙය 2012 වසරේ පැවති ජන සංගණනයට සාපේක්ෂව පුද්ගලයින් 1,403,731 ක වැඩිවීමක් වන අතර, 2012-2024 කාලය තුළ වාර්ෂික ජනගහන වර්ධන වේගය සියයට 0.5 ක් ලෙස සටහන් වී ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


ශ්‍රී ලංකාවේ ජන හා නිවාස සංගණනය 2024ට අදාළ අවසන් වාර්තාව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.එම්.ඩී.එස්.ඩී. කරුණාරත්න විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඊයේ (06) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල වශයෙන් භාර දෙනු ලැබිණ.

මෙම වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ වත්මන් (යාවකාලික) ජනගහනය 21,763,170කි. මෙය 2012 වසරේ පැවති ජන සංගණනයට සාපේක්ෂව පුද්ගලයින් 1,403,731 ක වැඩිවීමක් වන අතර, 2012-2024 කාලය තුළ වාර්ෂික ජනගහන වර්ධන වේගය සියයට 0.5 ක් ලෙස සටහන් වී ඇත.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි නාගරික ප්‍රදේශවල පවතින සංකීර්ණත්වය හේතුවෙන් එම ප්‍රදේශවල දත්ත රැස්කිරීම 2025 පෙබරවාරි දක්වා සිදු කෙරිණි.

ජනගහන ව්‍යාප්තිය සැලකීමේදී මුළු ජනගහනයෙන් සියයට 28.1 ක් පදිංචිව සිටින බස්නාහිර පළාත වැඩිම ජනගහනයක් සහිත පළාත බවට පත්ව ඇති අතර, සියයට 5.3 ක් වූ අඩුම ජනගහනය වාර්තා වන්නේ උතුරු පළාතෙනි.

 

WhatsApp Image 2026 04 07 at 15.51.44
දිස්ත්‍රික් මට්ටමින් සලකා බලන විට, ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනයක් සහිත දිස්ත්‍රික්කය ලෙස ගම්පහ දිස්ත්‍රික්කය (2,433,685) වාර්තා වේ. දෙවන ස්ථානයේ පසුවන කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහනය 2,374,461 කි. මීට අමතරව කුරුණෑගල, මහනුවර, කළුතර, රත්නපුර සහ ගාල්ල යන දිස්ත්‍රික්කවල ද මිලියනය ඉක්මවූ ජනගහනයක් වාර්තා වී ඇත.

රටේ වැඩිම ජනගහන ඝනත්වයක් සහිත දිස්ත්‍රික්කය ලෙස කොළඹ වාර්තා වන අතර එහි වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 3,549 ක් ජීවත් වේ. අවම ජනගහන ඝනත්වය මුලතිව් දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය වර්ග කිලෝමීටරයකට පුද්ගලයින් 50 කි.

 

මෙම සංගණනය, ශ්‍රී ලංකාවේ 15වන ජන හා නිවාස සංගණනය වන අතර, ජාතික මට්ටමේ දත්ත රැස්කිරීමක් සඳහා සංගණන ඉතිහාසයේ ප්‍රථමවරට ටැබ්ලට් පරිගණක සහ සුහුරු ජංගම දුරකථන භාවිත කිරීම මෙහි විශේෂත්වයකි. ඒ අනුව, මෙහිදී ටැබ් පරිගණක යන්ත්‍ර 15,000ක් සහ ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කර දත්ත රැස්කිරීම සිදු කෙරිණි. එමගින් දත්ත රැස් කිරීම වේගවත් කිරීමටත්, දෝෂ අඩු කිරීමත්, ලබා ගත් දත්ත ඍජුව දෙපාර්තමේන්තුවේ සර්වර් පරිගණක වෙත ලබා ගැනීමටත්, අනතුරුව, දත්ත විශ්ලේෂණය සහ වාර්තා සකස් කිරීම කාර්යක්ෂමව සිදු කිරීමටත් හැකි විය.

 

ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආයතනයක් මගින් සිදු කරන ලද විශාලතම සහ සංකීර්ණතම දත්ත රැස් කිරීමේ ක්‍රියාවලිය වන මෙම ජාතික සංගණනය, සංගණන ආඥාපනත යටතේ සිදු කර ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟපෙන්වීමෙන් දිස්ත්‍රික් පරිපාලනයේ මෙහෙයවීම යටතේ, දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන්, විශ්වවිද්‍යාල සිසුන්, වෙනත් උසස් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නන් ඇතුළු සංගණනයේ තොරතුරු රැස්කිරීම සඳහා විශේෂයෙන් පුහුණුව ලබා දුන් පුද්ගලයෝ විශාල සංඛ්‍යාවක් මෙම ජාතික කාර්යය සඳහා සහභාගී වූහ. මෙම සංගණනයේ 'සංගණන මොහොත' ලෙස 2024 දෙසැම්බර් මස 19වන දිනයේ ආරම්භ වන අවස්ථාව (එනම් පැය 00:00) සලකන ලදී.

 

WhatsApp Image 2026 04 07 at 15.51.45
ශ්‍රී ලංකාවේ ජනගහනය, ජනගහනයේ වර්ධනය සහ දිස්ත්‍රික්ක අනුව ජනගහන ව්‍යාප්තිය සහ පුද්ගලයින් පදිංචි නිවාස ඒකක පිළිබඳව මෙම සංගණන වාර්තාවේ සඳහන් වේ. තවද, මෙම වාර්තාව රටේ ජනගහන ව්‍යුහය, නිවාස තත්ත්වය, සමාජ-ආර්ථික ලක්ෂණ සහ ප්‍රාදේශීය විෂමතා පිළිබඳව විස්තරාත්මක දත්ත සපයන මූලික ජාතික ලේඛනය ලෙස සැලකෙන අතර, සංගණනයෙන් රැස් කරන ලද තොරතුරු ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා ප්‍රතිපත්ති සහ සැලසුම් සකස් කිරීමට රජයට මෙන්ම සෙසු ආයතන සඳහාද ඉතා වැදගත් වේ.

මෙහිදී අදහස් දක්වමින් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂ ජනරාල් කේ. එම්. ඩී. එස්.ඩී. කරුණාරත්න පැවසුවේ, ඩිජිටල් ක්‍රමවේද භාවිත කිරීම හේතුවෙන් පෙර සිදු කළ සංගණනවලට වඩා විශාල පරාසයක තොරතුරු රැස් කිරීමට හැකි වූ බවයි. එමඟින් වඩාත් පුළුල් විශ්ලේෂණයක් සහිත වාර්තාවක් සකස් කිරීමට හැකි වූ බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, භාණ්ඩාගාර අතිරේක ලේකම් හිමාලි පුල්ලෙපෙරුම ද, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් වාසනා ජයකොඩි ඇතුළු නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.


(සටහන | ජේ.මුණසිංහ)

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...