දෙසැම්බර් 17 දින සිට 24 වන දින පැය 0030 දක්වා කාලය තුල “යුක්ති මෙහෙයුමට” යටතේ

දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

 ඉන් සැකකරුවන් 717 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 174 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 1097 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කරනු ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 4665 දෙනෙකු අතුරින් මේ වන විට සැකකරුවන් 1107 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දින කිහිපයේ සිදුකළ මෙහෙයුම් වලදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මුලස්ථානය පවසයි.

හෙරොයින් 09kg 82g
අයිස් 04kg 679g
ගංජා 272kg 967 g
ගංජා පැල 944,651
මාවා 117kg 312g
ඈෂ් 35kg 752g
හෂීෂ් 989g
තූල් 03kg 154g
කුෂ් 520g
මත්පෙති 65,924

mdhlk

nzxklc
පසුගිය පැය 24 'යුක්ති' වාර්තාව

දෙසැම්බර් 23 දින පැය 0030 සිට 24 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය කියා සිටියි.

හෙරොයින් 607g
අයිස් 381g
ගංජා 03kg 680 g
ගංජා පැල 162,931 ක්
මාවා 01kg 300g
මත්පෙති 1,042 ක්


මෙහෙයුමේදී මුලු සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 84 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 23 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 99 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 90 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.


‘යුක්තිය’ මෙහෙයුම දින 3 ක ට අත්හිටුවයි

උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

ඒ අනුව අද සිට 26 වැනිදා දක්වා දින තුනක් ‘යුක්තිය’ මෙහෙයුම අත්හිටුවන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව වැඩි දුරටත් කීය.

පාතාලයේ කෙරුම් බලන්න ටිරාන් සමග සාගලත් යයි

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ගේ උපදෙස් පරිදි, වැඩබල නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ගේ මෙහෙයවීම යටතේ පොලිසිය විසින් ක්‍රියාත්මක කරන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුම්දී පසුගිය දින කිහිපයේ කොළඹ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් අපරාධකරුවන් සතුව පැවති නීති විරෝධී මාර්ගවලින් උපයාගත් මුදල්වලින් මිලදී ගත් බස් රථ සහ කාර් රථ ඇතුළු වාහන රැසක් අමාත්‍ය ටිරාන් අලස් විසින් පරීක්ෂා කළේය.

මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනක් අතරතුරදී අමාත්‍යවරයා සමග මෙම වාහන නිරීක්ෂණයට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක ද මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

00 Yo 1

00 Yo 2

00 Yo 3

00 Yo 4

00 Yo 5

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්