උත්සව සමයේදි ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරින් යෙදවීම

හේතුවෙන් මන්දගාමී වූ “යුක්තිය” මෙහෙයුම හෙට (27) සිට යළිත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම සම්පූර්ණයෙන් මැඩපවත්වන තෙක් එම මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියි.

දෙසැම්බර් 17 වැනිදා දිවයිනම ආවරණය වන පරිදි ආරම්භ කළ යුක්තිය මෙහෙයුමේ අරමුණ වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානත්මක අපරාධ ජාලය බිඳ දැමීම බව දේශබන්දු තෙන්නකෝන් වැඩිදුරටත් කියා සිටියි.

dfsdfee

දෙසැම්බර් 17 දින සිට 24 වන දින පැය 0030 දක්වා කාලය තුල “යුක්තිය මෙහෙයුමට” යටතේ දිවයින පුරා සිදුකරන ලද මෙහෙයුම් වලදී සැකකරුවන් 13,666 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

රට තුළ ඉහළ යන මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ රැල්ල මැඩලිමේ අරමුණින් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වන ‘යුක්තිය’ විශේෂ මෙහෙයුම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ මගපෙන්වීම යටතේ සිදුකෙරේ.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල්‍ය සමාජයෙන් තුරන් කිරීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති මෙහෙයුමට සහය දැක්වීම සියලුදෙනාගේ වගකීමක් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ඔහු එබව කියා සිටියේ, කිරිඳිවැල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 සබැඳි පුවත් :

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්