ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

කිසිම ඖෂධ ප්‍රමාදවීමක් සිදු නොවන බවට වගබලා ගන්නා බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පැවැසීය.

විශේෂඥ වෛද්‍යවරයා මේ බව සඳහන් කළේ, ඖෂධ ආනයනය කිරිම, නිදහස් කරගැනීම සහ බෙදාහැරීම පිළිබදව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්ථාවරය පැහැදිලි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකදීය.

"ඖෂධ නියාමන අධිකාරි‌යේ අරමුණ ඖෂධ හිර කරලා ඖෂධ හිඟයක් ඇති කිරීම නොවෙයි. නිසි ආකාරයෙන් ජනතාවට ලබාදීමයි. දැනට අපි කටයුතු කරන්නේ ඖෂධ තොග වරායේ හිරවීම නවත්වලා ඉක්මනින් නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටයි. කිසිම ප්‍රමාදවීමක් සිදු නොවන බවට අපි වගබලා ගන්නවා.” යැයි ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුව පැවැත්වුණේ ඖෂධ තොග වරායේ සිරවී තිබීම පිළිබඳ මාධ්‍ය කළ හෙළිදරව්වකට පිළිතුරු ලබා දෙමිනි.

 ප්‍රමිතිය තහවුරු කරන ලද ඖෂධවල ලියාපදිංචිය ලබන ජුනි මස අවසානය වන තෙක් සිදු කිරීමට තීරණය කර ඇතැයි ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පැවසීය.

ඖෂධ ලබාදීමේදී ඖෂධයේ ප්‍රමිතිය වැනි විවිධ කාරණා සලකා බලා මෙරට ඖෂධ ලියාපදිංචි කිරීම් සිදු කරන අතර එයින් සිදු කරන්නේ ප්‍රමිතිය තහවුරු කිරීම බවත් මෙලෙස ප්‍රමිතිය තහවුරු කරන ලද ඖෂධවල ලියාපදිංචි වීම් කල් ඉකුත් වූ විට එම ලියාපදිංචි කිරීම් නැවත කළ යුතු බවත් සභාපතිවරයා සදහන් කළේය.

ඒ අනුව නැවත ලියාපදිංචි කිරීම් කළ යුතු ඉල්ලුම්පත් සහිත ලිපිගොනු රාශියක් පසුගිය අවූරුදු දෙක තුළ එකතු වීම නිසා යම් කිසි ප්‍රමාදයක් පසුගිය කාලයේ ඇති වෙමින් තිබුණු බවද හෙතෙම කිවේය.

කෙසේ වෙතත් ලියාපදිංචිය නැවත ලබාදීමට ගත් තීරණය මගින් සිදුවීමට ඉඩ ඇති ප්‍රමාදයන් මඟවරවා ගනිමින් මෙරටට ඖෂධ ලබාගැනීම සහ ඖෂධ වරායෙන් නිදහස් කර ගැනීම ඉතා පහසුවෙන් සහ කඩිනමින් සිදු කර ගැනීමට හැකි වන බවද සභාපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

“සමහර මාධ්‍ය වල පසුගිය දින දෙක තුන තුල විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුනා. “ඖෂධ නියාමන අධිකාරිය අකුරට වැඩ. බෙහෙත් තොඟ වරායේ හිරවෙයි, ඖෂධ තොඟ පිටින් වරායේ හිරකරනා ඖෂධ නියාමන අධිකාරියේ කුමන්ත්‍රණයක්” වැනි ආකාරයේ පුවත්. එවැනි ප්‍රවෘත්ති වාර්තා කිරීම ගැන අපි ඉතාමත්ම කණගාටු වෙනවා ” යැයි ද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.


වරායෙන් ඖෂධ නිදහස් කරගැනීම සඳහා කමිටුවක්

  “සෞඛ්‍ය අමාත්‍යාංශයේ මුඛ්‍ය පරමාර්ථය ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබාදීමයි. එහිදී ඖෂධ ලබාදීම ඉතාම වැදගත් වෙනවා. ඖෂධ අවශ්‍ය ප්‍රමාණය රෝහල්වෙත ලබාදීම සදහා ඖෂධ අනයනය, වරායෙන් නිදහස් කර ගැනීම, ඖෂධ බෙදාහැරීම ප්‍රාදේශීය වශයෙන් සහ රෝහලවල ගබඩා වෙත යොමු කිරීම යන සියල්ල සම්බන්ධීකරණය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබනවා. ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව අංශ කිහිපයක් තිබෙනවා. ඉන් එකක් ලෙස ජාතික ඖෂධ නියාමන අධිකාරිය පෙන්වා දිය හැකියි'' යයි මාධ්‍ය හමුවේදී අදහස් දැක් වූ සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේය.

ආනයනය කළ ඖෂධ වරායෙන් නිදහස් කරගැනීම සඳහා වෛද්‍ය සැපයුම් අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සම්බන්ධීකාරක කමිටුවක් පිහිටුවීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේ ය. අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි එම කමිටුව පිහිටුවා ඇති බවත් ඔහු කියා සිටියේ

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්