leader s

ඓතිහාසික කතරගම දේවාලයට පූජා කර තිබූ පවුම් 38 ක් බර රන් තැටියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින එම දේවාලයේ ප්‍රධාන කපුවා වන සොමිපාල ටී රත්නායක, කොළඹ අපරාධ කොට්ඨාසයට බාර වී තිබේ.


අද (27) උදෑසන ඔහු කොළඹ අපරාධ කොට්ඨාසයට භාරවීමෙන් අනතුරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රන් තැටිය අස්ථානගතවීම සම්බන්ධයෙන් සැකකාර ප්‍රධාන කපුවාගේන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගෙන සටහන් කරගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීයෙක් පැවසීය.

ගබඩා භාරකරු ලෙස කටයුතු කළ සමන් ප්‍රියන්ත නොහොත් චූටි කපුවා නීතිඥවරයකු මාර්ගයෙන් ඉකුත් 19 දින, භාරවීමෙන් අනතුරුව තිස්සමහාරාම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබිණි. 

සොමිපාල ටී. රත්නායක අතුරුදන්ව ඇති බවට ඔහුගේ දියණිවරුන් සහ තවත් පවුලේ ඥාතීයෙකු කතරගම පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.

සබැඳි ලිපි :

කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා අතුරුදන් ?

කතරගම දේවාලයේ ආදායම 50%කින් බහී !

දේවාලේ රන්තැටිය පරෙස්සම් කරගන්න බැරි කඳ සුරිඳු - (අරුණ ජයවර්ධන)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්