leader s

රුහුණු කතරගම මහ දේවාලයේ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහතා අබිරහස් ලෙස අතුරුදන්ව සිටින බවට ඔහුගේ දියණියන් දෙදෙනකු සහ

මුනුපුරකු පෙරේදා (23) පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි කතරගම පොලිසිය පවසයි.

තම පියාගේ අතුරුදන්වීමට අඹුසැමි යුවළක් සම්බන්ධ බවට එම පැමිණිලිවල සඳහන් කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

එම අඹුසැමි යුවළ පවුලේ සමීපතමයන් බවද පැමිණිල්ලේ සඳහන් වේ.

තම පියා එම දෙදෙනාගේ නිවෙසට ඉකුත් 8 වැනිදා ගිය පසු මෙසේ අතුරුදන්ව සිටින බව ද දරුවන් පොලිසියට ප්‍රකාශ කර ඇත.

මෙම අඹුසැමි යුවළගෙන් තම පියා ගැන විමසුවත් ඔවුන් දෙදෙනා ඊට පැහැදිලි පිළිතුරක් දීමට අපොහොසත් වූ බවද ඔවුන් පවසා ඇත.

 පාතාල ලෝකයේ නායකයකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කාගේ බිරිඳ විසින් ඔවුන්ගේ දරුවකුට ඇති වී ඇතැයි කියන අපලයක් දුරුකිරීම සඳහා රුහුණු කතරගම දේවාලයට පූජා කළ පවුම් තිස් අටක් පමණ බර රන් තැටියක් නැතිවීම සම්බන්ධයෙන් රත්නායක කපු මහතාට එරෙහිව කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.


රන් තැටිය නැතිවීම සම්බන්ධයෙන් රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ වන ඩිෂාන් වික්‍රමරත්න විසින් රත්නායක කපු මහතාට එරෙහිව 2021 වසරේදී එවක සිටි පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කර තිබිණි.

(lankadeepa.lk- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්