leader s

*සමාජ මාධ්‍ය චෝදනාවලට සජබයෙන් පිටු 78ක ලියවිල්ලකින් පිළිතුරු  


*විවාදය දවසේ පාර්ලිමේන්තු වටරවුම අසල දැවැන්ත විරෝධතාවකට සැරසෙයි  

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති පසුබිමක, ඊට එරෙහිව විපක්ෂයේ මැදිහත්වීම සහ සමාජ මාධ්‍ය ඔස්සේ එල්ලවන විවිධ දේශපාලන චෝදනා සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ.  

සමගි ජන බලවේගයේ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ එම පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ කියා සිටියේ, 22 වන සංශෝධනය සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය ප්‍රමාණවත් නැතැයි හෝ ආණ්ඩුව සමග කිසියම් දේශපාලන එකඟතාවක් (ඩීල් එකක්) පවතින බවට හෝ ගෙනයන ප්‍රචාරයන් පදනම් විරහිත බවයි.  

සමාජ මාධ්‍ය ප්‍රචාර පිටුපස ඇති දේශපාලනය  

අදාළ චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වරුණ දීප්ත රාජපක්ෂ සඳහන් කළේ, වත්මන් පාර්ලිමේන්තුව තුළ නියෝජනයක් අහිමි වූ සහ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ පාර්ශ්ව කිහිපයක් විසින් මෙම මතවාදය ගොඩනැගීමට උත්සාහ දරන බවයි.  

"22ට එරෙහිව සමගි ජන බලවේගයේ මැදිහත්වීම මදි කියලා පිරිසක් සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මක ප්‍රචාරයක් ගෙනියනවා. ඇත්තටම මේ අය කවුද සහ ඔවුන්ට තියෙන ජනවරම මොකක්ද කියලා ජනතාව දන්නවා. ජනතාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු කණ්ඩායම් තමයි මේ වගේ පදනම් නැති කතා පතුරවන්නේ," යනුවෙන් ඔහු සඳහන් කළේය.  

පාර්ලිමේන්තුව තුළ සහ ඉන් පිටත ගෙන ගිය ක්‍රියාමාර්ග  

22 වන සංශෝධනය පිළිබඳ සංවාදය ආරම්භ වූ මුල් අවස්ථාවේ සිටම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පක්ෂය ගනු ලැබූ ක්‍රියාමාර්ග සවිස්තරාත්මකව ඇතුළත් දින වකවානු සහිත පිටු 78කින් සමන්විත වාර්තාවක් ද මෙහිදී මාධ්‍ය වෙත ඉදිරිපත් කෙරිණි.  

එහි අන්තර්ගත කරුණු පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, මෙම සංශෝධනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීම, විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එක් කරගනිමින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැනුවත් කිරීමට කටයුතු කිරීම ඇතුළු පියවර රැසක් සජබ විසින් ගත් බවයි.  

අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදයන් අවම කිරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස යෝජනා කළේද සමගි ජන බලවේගය බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.  

මහජන පෙත්සම්, අධිකරණ ක්‍රියාමාර්ග සහ ජාත්‍යන්තරය  

රජය ප්‍රකාශ කරන ආකාරයට නඩු කඩිනම් කිරීමේ සැබෑ අවශ්‍යතාවක් පවතින්නේ නම් ඊට ගත යුතු ප්‍රායෝගික ක්‍රියාමාර්ග මොනවාදැයි පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් මඟින් පෙන්වා දුන් බව ද මෙහිදී සිහිපත් කෙරිණි.  

පාර්ලිමේන්තු ක්‍රියාවලියට අමතරව රට පුරා ගොස් ජනතාව දැනුවත් කරමින් අත්සන් තැබූ මහජන පෙත්සම්, අධිකරණය හමුවේ ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් මෙන්ම පිටකොටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පැවැත්වූ විරෝධතා ව්‍යාපාර සඳහා ද සජබ පෙරමුණ ගත් බව ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයට එල්ල විය හැකි බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර නිරීක්ෂණ සංවිධාන ගණනාවක් නිල වශයෙන් දැනුවත් කිරීමට පියවර ගත් අකාරය ද  මෙහිදී අනාවරණය විය.  

සැප්තැම්බර් 24 පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාව  

22 වන සංශෝධනය දේශපාලන වාසි තකා භාවිත කිරීමේ කිසිදු අභිප්‍රායක් තම පක්ෂයට නොමැති බව අවධාරණය කළ සංවිධායකවරයා, මෙම සංශෝධනය විවාදයට ගැනීමට නියමිත එළඹෙන 24 වැනිදා පාර්ලිමේන්තු පිවිසුම් වටරවුම අසලදී දැවැන්ත මහජන විරෝධතාවක් පැවැත්වීමට විපක්ෂය සියලු කටයුතු සූදානම් කර ඇති බව ප්‍රකාශ කර සිටියේය.  

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා තීන්දු තීරණ මෙරට ව්‍යවස්ථාදායක ඉතිහාසයේ තීරණාත්මක සංධිස්ථානයක් වනු ඇති බවද වරුණ රාජපක්ෂ අවධාරණය කර සිටියේය. 

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්