leader s

රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රධාන කපුවා ඇතුළු අනෙකුත් කපුවන් දේවාලයට ලැබෙන රත්රන් සහ මුදල් නිවෙස්වලට රැගෙන යන බවට රටපුරා

ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් පූජාවට්ටිවලට දහස් ගණනින් දුන් මුදල් 50%කින් පමණ අඩු කර ඇතැයි අරුණට අනාවරණය වේ.

ඒ වෙනුවට කතරගම මහා දේවාලයේ ප්‍රධාන කාර්යාලයේ ඇති මහරගම පිළිකා රෝහලේ සංවර්ධන අරමුදලට මුදල් පරිත්‍යාග කිරීමට බැතිමතුන් පෙළඹී ඇත.

රන් තැටිය අතුරුදන් වීම සම්බන්ධව ප්‍රධාන කපුවා හා ගබඩාරාල වන චූටි කපුවා අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දුන් නියෝගය මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමග බැතිමතුන් විසින් පූජාවට්ටිවලට රුපියල් දහස් ගණනින් මුදල් නෝට්ටු ලබාදීම නතර කර තිබේ.

මහා දේවාලයට ගොස් කපුවන් හමුවේ යාතිකා කිරීම වෙනුවට බැතිමතුන් කිරිවෙහෙර පසුපස දේවාලයට හා අභිනවාරාමයේ දේවාලයට යාමටද පටන්ගෙන ඇති බවද අනාවරණය විය.

 කතරගම දේවාලයට ගතවූ මාස 11 තුළ පඬුරු පෙට්ටියට බැතිමතුන් දමන කුඩා පඬුරු මුදල්වලින් පමණක් රුපියල් ලක්ෂ 3450ක් එකතුවී තිබිණි. මේ වනතෙක් දේවාලයේ කපුවන් වෙත පූජාවට්ටි වෙත තබා පඬුරු ලෙස දෙන මුදල් මීට වඩා හතර පස් ගුණයකින් වැඩි බව අනාවරණය විය.

කතරගම දේවාලයේ ප්‍රධාන කපු ධුරන්දර ටී. සොමිපාල සති දෙකක් තිස්සේ අතුරුදන් වීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මෙම සිකුරාදා (22 වැනිදා) පැමිණි ප්‍රධාන කපුවාගේ මුණුපුරෙක් විසින් පැමිණිල්ලක් කර තිබිණ.

ඔහුව සොයා ගැනීමට නොහැකි වීම නිසා දේවාලයේ කටයුතු අඩපණ වන බවත් එහි පෞරාණික දේවල්වලට ආරක්ෂාවක් නොවන බවත් පෙන්වා දෙමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.


(aruna.lk- තිස්ස රවින්ද්‍ර පෙරේරා)

සබැඳි ලිපි :
කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහත්තයා අතුරුදන් ?
දේවාලේ රන්තැටිය පරෙස්සම් කරගන්න බැරි කඳ සුරිඳු - (අරුණ ජයවර්ධන)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්