යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසදයේ භික්ෂූන් වහන්සේලා (SBSL) හා ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයින්ගේ දායකත්වයෙන් යුතුව මෙම ‘හිමාලයා ප්‍රකාශනය’ නිර්මාණය විය.


දෙමළ ජනතාවගේ දුක්ගැනවිලිවලට ආමන්ත්‍රණය නොකිරීම ‍හේතුවෙන් පසුගියදා එළිදැක්වූ ‘හිමාලයා ප්‍රකාශනය’ දෙමළ විශ්වවිද්‍යාල සිසුන්, වින්දිත කණ්ඩායම්, අතුරුදහන්වූවන්ගේ පවුල්, ආගමික කණ්ඩායම්, කම්කරු සංගම්, කාන්තා කණ්ඩායම් හා විද්වතුන් ඇතුළු කණ්ඩායම් ගණනාවක් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

  

 

‘අපි බොහොම සැලකිල්ලෙන් මෙම ‘හිමාලයා ප්‍රකාශනය’ කියෙව්වා. නමුත්, මේ ප්‍රකාශනය තුළ දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි වගේම ඔවුන් තවමත් අත්විඳිමින් ඉන්න දුක, වේදනාව සම්පූර්ණයෙන්ම නොසලකා තිබීම ගැන දැඩි කලකිරීමට පත්වෙනවා.

 

බෞද්ධ පූජ්‍ය පක්ෂය දෙමළ ජනතාව වෙසෙන ප්‍රදේශ වලින් පිටත - එනම්, සිංහල ජනතාව අතර ජීවත්වන නිසාත්, දෙමළ ජනතාව අත්විඳින හා ඉදිරියේ සිද්ධ වෙන දේ ගැන කිසිදු හෝඩුවාවක් නැති නිසාත්, දෙමළ දුක්ගැනවිලි ගැන බෞද්ධ පූජකවරුන් නොදන්නා බව තේරුම්ගන්න පුළුවන්’ යනුවෙන් මෙම කණ්ඩායම් වැඩිදුරටත් පැවසීය.

කඳුළු සලන දෙමළ මව්වරුන්ට අධිකරණ ඇමැතිගෙන් සිනා සාගරයක්
ඔවුන් වැඩිදුරටත් පෙන්වාදුන්නේ, ‘වසර දාහතරකට පෙර යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ජනතාව P2P (පොතුවිල් සිට පොලිකන්ඩි දක්වා) වැනි දැවැන්ත ජන රැළි හරහා ඔවුන්ගේ දුක්ගැනවිලි ප්‍රකාශ කර ඇති බවයි. ආරක්ෂක හමුදා හා කුප්‍රකට හමුදා බුද්ධි අංශවල ප්‍රහාර හා බිය ගැන්වීම් නොතකා P2P වැනි මහා ජන රැළි තුළින් දෙමළ ප්‍රදේශ හරහා දින හතක පාගමනක් ගිය අතර මෙම රැළියට ලක්ෂ 5 ක පමණ මහා ජන ගඟක් එක්විය.

 

දෙමළ විශ්වවිද්‍යාල සිසුන්, වින්දිත කණ්ඩායම්, අතුරුදහන්වූවන්ගේ පවුල් හා අනෙකුත් සිවිල් සමාජ කණ්ඩායම් ආදිය එක්ව දෙමළ ජනතාවගේ දුක්ගැනවිලි ප්‍රකාශ කිරීමට විරෝධතා, උපවාස හා පාගමන් ගණනාවක් පැවැත්වූහ. මෙම ‘හිමාලයා ප්‍රකාශනය’ තුළින් ඔවුන්ගේ දුක්ගැනවිලි කිසිවකට ආමන්ත්‍රණය කර නැත.

 

‘වසර දාහතරකට පෙර යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ජනතාව විසින් ප්‍රකාශ කරන ලද දෙමළ දුක්ගැනවිලි පහතින් ඔබේ අවධානයට යොමුකිරීමට කැමැත්තෙමු.’

1) 1983 යුද්ධයට පෙර පැවති ලෙස දෙමළ ප්‍රදේශවල සන්නද්ධ හමුදා රැඳී සිටීම අඩු කිරීම.

අරගලකාරී දෙමළ අම්මලාට වන්නියේදී පොලිස් හිරිහැර
2009 වසරේ සිට යුද්ධය අවසන් වී වසර දාහතරකට අධික කාලයක් ගතවී ඇතත්, 2009 මැයි මාසයේදී යුද්ධයේ උච්චතම අවස්ථාව වූ ආකාරයටම කුපුකට හමුදා බුද්ධි අංශ ඇතුළු ආරක්ෂක හමුදාවන්ගේ පැමිණීම පවත්වාගෙන යනු ලැබේ.

 

• සාම කාලය තුළදී සිවිල් ජනතාව අතර ආරක්ෂක හමුදා සිටීම දෙමළ ජාතිකයින්ට, විශේෂයෙන්ම, කාන්තාවන්ගේ ආරක්ෂාවට මෙන්ම සමාජීය ගැටළු රාශියක් නිර්මාණය කරයි. ආරක්ෂක හමුදා විසින් දෙමළ ජාතිකයින් සමූහ වශයෙන් සමූලඝාතනය කිරීම හා දෙමළ කාන්තාවන් දැවැන්ත ලෙස දූෂණය කිරීම ඇතුළු සාහසික අපරාධවලට දෙමළ ජනයා මේ වනවිට මුහුණදී ඇත.

 කාන්තාවන්ට අපහාස කරපු අයට අත් වූ ඉරණම ! - රෝහිණී කියයි

2) පෞරාණික හින්දු සිද්ධස්ථාන ඇතුළු හින්දු කෝවිල් විනාශ කර දැමීම නැවැත්වීම හා බෞද්ධ ජනතාව ජීවත් නොවන දෙමළ ප්‍රදේශවල බෞද්ධ විභාරස්ථාන ඉදිකිරීම නවතා දමන්න.

3) දෙමළ ජනතාව ජීවත්වන ප්‍රදේශ තුළ රජයේ අනුග්‍රහය ඇතිව සිංහල ජනාවාස ඉදිකිරීම නවතාදමන්න, රජය විසින් දෙමළ ජනතාවගේ ඉඩම් අත්පත්කරගැනීම නවත්වන්න. එමෙන්ම, තවමත් ආරක්ෂක අංශ භාරයේ පවතින සියලුම සිවිල් වැසියන්ගේ ඉඩම් සම්පූර්ණයෙන්ම නිදහස් කරන්න.

4) එක්සත් ජාතීන්ගේ නිළධාරීන් විසින් ඉල්ලා සිටින පරිදි, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමුකරන්න.

 

යුද්ධය නිමාවී වසර දාහතරක් ගතවී ඇතත් එකදු ආරක්ෂක අංශ නිළධාරියෙකු හෝ දේශපාලන නායකයෙකු හෝ මෙම ඝාතන සම්බන්ධයෙන් යුක්තියට මුහුණදුන්නේ නැත. එමෙන්ම, කුඩා දරුවන් ඇතුළු දෙමළ ජනතාව දහස් ගණනක් අතුරුදහන් වී ඇත.

 ජනපතිගෙන් අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ටත් ළඟදීම “ගම සමග පිළිසඳරක්”

 

• එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස්වරයෙකු ඇතුළු එක්සත් ජාතීන්ගේ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ඉල්ලා සිටි පරිදි, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) යොමුකරන්න.


5. තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීම සඳහා, දිග්ගැස්සුණු දෙමළ ගැටුම විසඳීම සඳහා ජාත්‍යන්තර මට්ටමින් පවත්වනු ලබන ජනමත විචාරණයක් පවත්වන්න.

නිදහසින් පසු දිග්ගැස්සුණු දෙමළ ගැටුමට මූලික හේතුව වූවේ දේශපාලන විසඳුමක් නොමැතිවීමයි. දෙමළ ගැටුමේ ප්‍රතිඵලය වූයේ 1958, 1977, 1983 හා 2009 දී දෙමළ ජනයා සමූහ වශයෙන් ඝාතනය කිරීමයි.

දෙරටක තීරණයෙන් විසුරුවා දැමූ ජීවිත - (රවිඳු මධුෂාන් පෙරේරා -රියෝ)

 

දෙමළ නායකයින් හා සිංහල ආධිපත්‍ය ඇති ආණ්ඩු අතර ඇතිකරගත් ගිවිසුම් කිහිපයක්ම බලයට පත්වූ රජයන් විසින් ඒකපාර්ශ්විකව අවලංගු කරන ලදී. ඉන්දියාව හා නෝ‍ර්වේ ජාත්‍යන්තර මැදිහත්වීම් පවා අසාර්ථක විය.

 

• ලොව පුරා රටවල් කිහිපයක ක්‍රියාත්මක වන පරිදි, තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදීව ස්ථිර දේශපාලන විසඳුමක් සෙවීම සඳහා ජාත්‍යන්තරව පවත්වනු ලබන ජනමත විචාරණයක් පවත්වන්න.

1) ඒ. විජයකුමාර් මයා - සභාපති, ශිෂ්‍ය සංගමය, යාපනය විශ්වවිද්‍යාලය
2) වයි. කනගරංජිනී මිය - සභාපති, බලහත්කාරයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමය, උතුරු හා නැගෙනහිර පළාත්
3) තවතිරු වේලන් ස්වාමිගල්, සිවගුරු ආතීනම් - සම්බන්ධීකාරක, පොතුවිල් සිට පොලිකන්ඩි රැළිය (P2P)
4) ගරු ජෝසප් මාරි පියතුමා - මඩකලපුව
5) ටී. තංගරාජා මයා - සභාපති, සේවක සංගමය, යාපනය විශ්වවිද්‍යාලය
6) විමලේශ්වරී ශ්‍රීකාන්තරූබන් මිය - එක්සත් කාන්තා නිරීක්ෂණ සංගමය, උතුරු සහ නැගෙනහිර පළාත්
7) තවතිරු අකාතියර් අඩිකල්, තෙන්කයිලායි ආතීනම් - ත්‍රිකුණාමලය
8) ගරු ජයන්තන් පච්චෙක් පියතුමා, Oblates of Mary Immaculate - යාපනය
9) ගජරූබන් මයා - ශිෂ්‍ය සංගමය, කලා හා සංස්කෘතික පීඨය, නැගෙනහිර විශ්වවිද්‍යාලය
10) මිතිලෙයිචෙල්වි ශ්‍රී පද්මනාදන් මිය - වැඩකරන කාන්තා සමිතිය
11) ගරු කන්දයියා ජෙගතාස් පියතුමා - සම්බන්ධීකාරක, පොතුවිල් සිට පොලිකන්ඩි රැළිය (P2P)
12) ස්‍රොජා සිවච්චන්ද්‍රන් මිය - කාන්තා හා සංවර්ධන මධ්‍යස්ථානය

සබැඳි ලිපි :
‘හිමාලයා’ GTF සහ බෞද්ධ භික්ෂු හවුල දෙමළ සමාජයෙන් ප්‍රතික්ෂේප වෙයි

'හිමාලයා ප්‍රකාශනය' ජනපතිට පිළිගන්වයි

දෙමළ ඩයස්පෝරා නියෝජිතයෝ මහා නාහිමිවරු, කාදිනල් හිමි සහ ප්‍රජා නායකයෝ හමුවෙති  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image