පොලිසියෙන් සැගවීම සඳහා වරකාපොළ ප්‍රදේශයේ හෝටලයක සිටියදී අත්අඩංගුවට ගත් ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් යැයි කියන

‘මට්ටක්කුගේ කුඩු රොෂාන්’ නැමැත්තාට අයත් රුපියල් කෝටි 6 කට ආසන්න දේපළ භාරයට ගත් බව ගම්පහ ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ජා-ඇළ පොලිස් වසමේ රුපියල් ලක්ෂ 240ක් පමණ වටිනා නිවාසයක් හා මෝටර් රථයක් ඇතුළු දේපළ මෙසේ භාරයට ගත් බව එම උසස් පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

මට්ටක්කුලිය පොලිස් වසමේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කුඩු රොෂාන් ඇතුළු පුද්ගලයන් පිරිසක් වරකාපොළ පොලිස් ස්ථානය මගින් ලද තොරතුරක් මත එම ප්‍රදේශයේ හෝටලයක කුලී පදනම මත නවාතැන් ගෙන සිටියදී අත්අඩංගුවට ගැනුණේ පසුගිය 26 වන දා ය.

'යුක්තිය මෙහෙයුම' ආරම්භ කිරීමත් සමග කුඩු රොෂාන් ඇතුළු පිරිස නුවරඑළිය ප්‍රදේශයේ හෝටලයක දින කිහිපයක් නවාතැන් ගැනීම සඳහා ගොස් නැවත කොළඹ ප්‍රදේශයට පැමිණෙමින් සිටියදී මෙහෙයුම නැවත ආරම්භ කරන බව ඔවුන් දැනගැනීමෙන් පසු මෙලෙස වරකාපොළ ප්‍රදේශයේ නිවසක කුලී පදනම මත නවාතැන් ගැනීම සඳහා පැමිණ සිටියදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් අතර පිරිමි පුද්ගලයන් 10ක්, කාන්තාවන් 05ක් සහ කුඩා ළමයින් 08 දෙනකු සිට ඇති අතර මොවුන් අතර මට්ටක්කුලිය පොලිස් ස්ථානය මගින් සමීප අධීක්ෂණය කරනු ලබන අපරාධකරුවන් 7 දෙනෙකු ද සිට ඇති බවට අනාවරණය වී ඇත.

කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 15 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වරකාපොළ පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ජා-ඇළ පොලිස් වසමේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කුඩු රොෂාන්ට අයත් නිවාස ඇතුළු දේපළ රැසක් නීති විරෝධී වත්කම් විමර්ශන සිදුකිරීම සඳහා අද දින දේපළ තහනම ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

WhatsApp Image 2023 12 29 at 12.01.33 PMWhatsApp Image 2023 12 29 at 12.01.34 PM

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්