කොළඹ ජාතික රෝහලේදී රෝගියෙකුට ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබාදීමෙන් එම රෝගියා මියගිය බවට වාර්තා පළවී තිබේ.

වාර්තා වන ආකාරයට එසේ මියගොස් ඇත්තේ, නුආලා තේවතාසන් (Nuala Thevathasan) නමැති නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි, හැට එක් වියැති අවිවාහක කාන්තාවකි. ඇය වෙට්රි ආයතනයේ (Verité Research Pvt) විධායක අධ්‍යක්ෂවරියකි.

ඇය වාට්ටු අංක 6A හි නේවාසිකව සිට පියයුරු ආශ්‍රිත ශල්‍යකර්මයක් සඳහා ශල්‍යාගාර B වෙත ඇතුල් කර අතර මරණය සිදුව ඇත්තේ ශල්‍යකර්මයෙන් අනතුරුවය.

මරණයට හේතුව ලෙස ඔක්සිජන් අඩුවීම (Respiratory Hypoxia) ලෙස සටහන් කර ඇතත්, අනපේක්ෂිත හෝ අසාමාන්‍ය සිදුවීමක් මරණයට හේතුව ලෙස සටහන් වී නොමැති බවද වාර්ථාවේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ කටයුතු කර ඇත.

මියගිය කාන්තාවගේ දේහය බොරැල්ල A F රේමන්ඩ්ස් මල් ශාලාවේ තැම්පත්කර ඇති අතර හෙට (31) දිනයේ අවසන් කටයුතු සිදුකිරීමට නියමිත බව වාර්තාවේ.

''සෞඛ්‍ය කාර්ය මණ්ඩල අතපසුවීම් ගැන වාර්ෂිකව පැමිණිලි 600ක් '' - සෞඛ්‍ය ඇමති


සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල අතපසුවීම් පිළිබඳ වාර්ෂිකව පැමිණිලි 600 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එහිදී ‍නිලධාරින් සිය කාර්යය උපරිමයෙන් කර තිබෙනවාද යන ගැටලුව මතුවන බවයි.

ඇතැම් විට අතපසුවීම් රැසක් වන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් සපයන අතර, එය තවත් ඉහළ නැංවිමට කටයුතු හැකි බවයි.

පේරාදෙණිය රෝහලේ විශේෂ නිරික්ෂණයකට එක්වෙමින් අමාත්‍යවරයා ඊයේ (29) ඒ බව සඳහන් කළේ ය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්