වැලිගම ප්‍රදේශයේ වැටලිමකදි වෙඩි වැදිමෙන් මියගිය පොලිස් සාජන්වරයාගේ පෙනහැල්ලේ තිබූ වෙඩි උණ්ඩ දෙක

වැඩිදුර පරික්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යොමුකිරිමට කටයුතු කර ඇත.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයේ ප්‍රධානි විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රෝහාන් රුවන්පුර පැවසුවේ, එම පොලිස් සාජන්වරයාගේ පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (31) ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදි සිදුකළ බවයි.

පොලිස් සාජන්වරයාගේ පෙනහැල්ලට වෙඩිවැදි රුධිරය වහනය විමෙන් මරණය වි ඇති බවට පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණ වී තිබිණ.

පොලිස් සාජන්වරයාට වෙඩිවැදි ඇත්තේ කුමන වර්ගයේ ගිණි අවියකින්ද යන්න පිළිබද රස පරික්ෂකවරයාගේ වාර්තාව ලැබිමෙන් පසු අනාවරණය කරගතහැකි බවද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවසිය.

අදාළ වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 46 ක් වූ ගලේවල ප්‍රදේශයේ පදිංචිව සිටි පොලිස් නිලධාරියෙකි.

 කොළඹ අපරාධ කොට්ඨාශයට අනියුක්තව සේවය කළ එම පොලිස් කොන්ස්තාපල්වරයාගේ මෘතදේහය ඊයේ රාත්‍රි ඔහුගේ ඥාතින්ට භාරදිමට කටයුතු කර තිබිණ.

වැලිගම – පැලෑන ප්‍රදේශයේ ඊයේ (දෙසැ. 31) අලුයම සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් විය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සැරයන්වරයකු එලෙස මියගොස් ඇති බව ය.

සිද්ධියෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

‘හරක් කටා’ සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන කටයුත්තකට ගිය අවස්ථාවේ ඇති වූ වෙඩි හුවමාරුවකදී අදාළ පොලිස් සාජන්වරයා වෙඩි වැදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

සබැඳි පුවත් :
වැලිගම දී පොලිසියට වෙඩි ප්‍රහාරයක් : පී.සී. මරුට- එස් අයිට තුවාල

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්