leader s

ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වන බව එක්සත් ජාතික පක්‍ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර පැවසීය.

ඔහු එබව කියා සිටියේ, 'සිරිකොත' එජාප මූලස්ථානයේ ඊයේ (01 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

දැනට රටේ සිටින නායකයන් අතරින් ජාත්‍යන්තරය පිළිගන්නා, අත්දැකීම් ඇති බියක් සැකක් නැතිව තීරණ ගන්නා, නායකයා රනිල් වික්‍රමසිංහ බවද ඔහු එහිදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ගත් තීරණ ක්‍රියාත්මක වීම නිසා වසර 25 කට පසු රටේ ජාතික ආදායම වැඩිවී ඇති බවත් ඉන් ජනතාවට සහන ලබාදිය හැකි බවත් එජාප මහ ලේකම්වරයා පැවසිය.

ජනතාව පෝලීම්වල සිටියදී රට භාර ගන්නා ලෙස ඉල්ලීම් කරද්දී පැන ගොස් නැවත රටේ බලය ඉල්ලා විවිධ දේ ප්‍රකාශ කරමින් ජනතාව නොමඟ යැවීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ද ඔහු සඳහන් කළේය.


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්