රාජ්‍ය සේවකයින් වෙනුවෙන් වැඩිකළ රුපියල් 10000ක දීමනාවෙන් රුපියල් 5000ක මුදලක් ජනවාරි මාසයේ සිටම ලබාදීමට කටයුතු කරන බව

ජනාධිපති රනිල් වික්‍රමසිංහ යාපනය සහ කිළිනොච්චි දිස්ත්‍රික් විශේෂ සංවර්ධන සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් ප්‍රකාශ කර තිබේ.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට අදාල වැටුප් වැඩි වීම කළේය. 

ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන් කර ඇති බවත්, ඉදිරි කාර්තු හතර තුළ ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට අවශ්‍ය සියළු පියවර ගෙන ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සදහන් කළේය.

එසේම මෙම වසර අවසන් වන විට ආර්ථික වර්ධන වේගය 3% ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන අතර 2025 දී එය 5% ක් දක්වා වර්ධනය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

(lankadeepa.lk -අංජුල මහික වීරරත්න)

සබැඳි පුවත් :
ජනපතිගෙන් රාජ්‍ය සේවකයන්ට විශේෂ දැනුම්දීමක්


 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්