ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක්

ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා පෙර සූදානම් සහ ප්‍රතිචාර දැක්වීමේ ඒකකයේ අද  සිට (06) ස්ථාපිත කර ඇති 011- 7 966 366 මෙම ක්ෂණික දුරකථන අංකයට සෙනසුරාදා - ඉරිදා සහ රජයේ නිවාඩු දින ඇතුලුව පෙරවරු 8.00 සිට  රාත්‍රි 8.00 දක්වා ඩෙංගු රෝගය පිලිබදව තොරතුරු දැන ගැනීමට මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පිලිබදව දැන්වීමට හැකියාව ඇත.

ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක්

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඩෙංගු මදුරු මර්දනය සහ පාලනය සදහා ජාතික මට්ටමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත.

මෙම විශේෂ වැඩසටහන් මාලාව ලබන ඉරිදා (07) දින සිට ඩෙංගු අවධානම් කළාප කේන්ද්‍ර කර ගනිමින් මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරිමට නියමිතය.

මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම පිළිබදව මුලික සාකච්ඡාවක් පසුගිය 03 දා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල ගේ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

මෙම සාකච්ඡාව සදහා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, යුධ හමුදාව නියෝජනය කරමින් මේජර් ජෙනරාල් පී.පී.ඒ පෙරේරා, නාවික හමුදාව නියෝජනය කරමින් කැප්ටන් ඩී.ඒ එදිරිවීර සහ කපිතාන් සී.එල් පේලිආරච්චි, ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි ඇතුළු කිහිප දෙනෙකු එක්ව සිටියහ.  

ඉරිදා සිට පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ වේ

මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස ජනවාරි 04 දින දිස්ත්‍රික් මට්ටමින් ඩෙංගු මදුරු මර්දන දිස්ත්‍රික් කමිටු ස්ථාපිත කිරිමට තීරණය වූ අතර, ඉරිදා දින සිට පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කිරීමට ද තීරණය විය.

මෙම විශේෂ වැඩසටහන දිවයිනේ සියළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල කෙන්ද්‍ර කරගෙන සිදු කෙරෙන අතර, පරිශ්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු සදහා ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය, ඩෙංගු මදුරු මර්දන සහායකයින් සහ ප්‍රජා සෞඛ්‍ය කණ්ඩායම්, ග්‍රාමීය කමිටු සාමාජිකයින්, ග්‍රාම නිලධාරීන් හා සංවර්ධන නිලධාරීන්ගේ ද සහයෝගය ලබාගැනීමට නියමිතය.


පරිශ්‍ර පරික්ෂාවට පැමිණෙන පිරිස් වෙත ජනතාවගේ උපරිම සහයෝගය ලබාදෙන ලෙසත්, තම පරිශ්‍ර පිරිසිදු කර ගැනීමට දෛනිකව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්