මේ දිනවල උතුරේ සංචාරයක නිරතව සිටින ජනාධිපති වික්‍රමසිංහ ඊයේ (06) දිනයේ 'යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය' නියෝජිතයින් පිරිසක් සමගද

විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. 

රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීරණයක් වෙනුවෙන් සහයෝගය දැක්වීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය ප්‍රධාන අනෙකුත් සංවිධාන මෙහිදී ජනාධිපතිවරයාට එකඟත්වය පළකර ඇත. 

යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ සභාපති අරුන් සිද්ධාර්ත් (Arun Siddharth ) එම සාකච්ජාව සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ ඊයේ (06) පළකර ඇති සටහනක මෙසේ සඳහන් වේ. 

''අද 06 දින යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය හා අතිගරු ජනාධිපතිතුමා අතර විශේෂ සාකච්ජාවක් යාපනය Jetwing Jaffna හෝටලයේදී පැවැත්වුනි. ඒ සදහා ජනාධිපති ලේකම්තුමා, ජනාධිපති මාධ්‍ය අංශ ප්‍රධානී ඇතුළු නිලධාරීන් රාශියක් සහභාගී වූ අතර යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපතිතුමා ඇතුළු අනුබද්ධ සංවිධානවල නිලධාරීන් කිහිපදෙනෙකුද මෙම හමුවට සහභාගී විය. 

මෙහිදී විශේෂ කාරනා කිහිපයක් ජනාධිපතිතුමාගේ අවධානයට යොමුකල අතර, උතුරේ ගැටළුව යැයි ඩයස්පෝරාව හා උතුරේ දේශපාලකයන් පෙන්වන චිත්‍රය හා යතාර්ථය අතර වෙනස පැහැදිළි කරන ලදී.

 ඒ පිළිබදව සාවදානව අවධානය යොමුකල ජනාධිපතිතුමා ඒවාට විසදුම් ලබාදීමටත්, සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම හරහා අතුරුදන් වූවන් පිළිබද සොයා බැලීමේදී උතුරේ සන්නද්ධ කල්ලි විසින් සිදුකල අතුරුදන් කිරීම් පිළිබදව සොයාබැලීමටත් යුද්ධය හේතුවෙන් ඉඩම් අහිමිවූ දෙමළ ජනතාවට මෙන්ම සිංහල ජනතාවටද වෙනසකින් තොරව විසදුම් ලබාදීමටත් කටයුතු කරනබව පැවසීය. 

එසේම කුළවාදය හේතුවෙන් පලාත්සභා මගින් අවධානයට ලක් නොවූ ග්‍රාමීය පාසල් 100 ක් වැඩිදියුණු කිරීමටත් පොරොන්දු විය. තවද රාජ්‍ය ආයතන වලදී ග්‍රාමීය ජනතාවට සිදුවන අපහසුතා වැලැක්වීමට යාන්ත්‍රණයක් හදුන්වාදීමට ජනාධිපති ලේකම්තුමාට ඒ අවස්ථාවේම උපදෙස් ලබාදෙන ලදී. උතුරෙ දේශපාලන තත්වය පිළිබදවද මෙහිදී සාකච්ජාවූ අතර රට වෙනුවෙන් ගන්නා ඕනෑම තීරණයක් වෙනුවෙන් සහයෝගය දැක්වීමට යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය ප්‍රධාන අනෙකුත් සංවිධාන විසින් ජනාධිපතිතුමාට මෙහිදී පොරොන්දු විය.''

arun 1

arun 2


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්