පසුගිය වසරේදී ලංකා විදුලිබල මණ්ඩලය ලැබු ලාභය විදුලි පාරිභෝගිකයින්ට ලබාදිය යුතු යැයි

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක ප්‍රකාශ කළේය.

2023 වසරේ අවසන් කාර්තුවේ දී මණ්ඩලය රුපියල් කෝටි 5000කට අධික ලාභයක් ලැබු බවත් එම ලාභය උපයනු ලැබුවේ පාරිභෝගිකයින් මත අසාධාරණ බර පැටවීමකින් බව හිටපු සභාපතිවරයා 07 ඉරිදා මාධ්‍ය වෙත කියා සිටියේය.

"විදුලි බල පනතේ 30 වන වගන්තියට පටහැනිව අනුමත කල අනීතික ගාස්තු වැඩිකිරීමක් හරහා තමයි මේ අධික ලාභය ලැබුවේ. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලය වහාම අසාධාරණ ලෙස උපයාගත් කෝටි 5000ක විදුලි පාරිභෝගිකයින් අතර බෙදා දිය යුතුයි."


ඉදිරි ගාස්තු සංශෝධනයකදි සියයට 50කින් ගාස්තු අඩු‍කරන බවට කරන ප්‍රකාශ විදුලි පාරිභෝගිකයා නොමග යැවීමට කරන ප්‍රකාශ බව පැවසු ජනක රත්නායක,  ගාස්තු සංශෝධනයක් කල යුත්තේ ඉදිරියේ පැවතිය හැකි විදුලි ඉල්ලුම, සැපයුම හා වියදම් ඇස්තමේන්තු මත බවයි පවසන්නේ.


"විදුලිබල පනතේ 30 වන වගන්තියෙන් පැහැදිලිව දක්වා තිබෙනවා විදුලි ගාස්තු සංශෝධකනය කල යුත්තේ විදුලිය සැපයීමට යන සාධාරණ වියදම සපයා ගැනීමට පමණයි කියලා. ශ්‍රී ලංකා මහජන කොමිෂන් සභාව පසුගිය වසරේ කල වැරැද්ද වහා නිවැරැදි කල යුතුය. ඒ අනුව මුලින්ම කල යුත්තේ ලැබු අධික ලාභය විදුලි පාරිභෝගිකයා අතර සාධාරණ ලෙස බෙදාදීමයි. ඉදිරි ගාස්තු සංශෝධනය කල යුත්තේ ඉන් පසුවයි. ඉදිරි ගාස්තු සංශෝධන නිවැරැදිව කිරීමට නම් ස්වාධීනව ක්‍රියාකරන, විදුලිබල කර්මාන්තය පිළිබද දැනුම ඇති වෘත්තිකයින් කොමිෂන් සභාවට පත් කල යුතුයි."

අබමල් රේණුවක දැනුමක් නැති පිරිසක් හැදු කෙටුම්පත

යෝජිත විදුලිබල පනත් කෙටුම්පත විවේචනයට ලක් කළ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක එය හඳුන්වනු ලැබුවේ විදුලි පාරිභෝගිකයා රිසි සේ සුරාකන ආකාරයට ලද්දක් බවටයි.

"වර්තමාන විදුලිබල පනත හා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත් වල විදුලි පාරිභෝගික ආරක්ෂාව සදහා විශේෂ වගන්ති 27ක් තිබෙනවා. විදුලි පාරිභෝගික ආරක්ෂාවට තිබු මේ ප්‍රතිපාදන සියල්ල යෝජිත කෙටුම්පතින් ඉවත් කර විදුලි පාරිභෝගිකයා රිසි සේ සුරාකන ආකාරයට නව නීතිය හදලා තිබෙනවා. රුපියල් කෝටි 2000කට ආසන්න පාරිභෝගික ඇප තැන්පතු සදහා විදුලි පාරිභෝගිකයාට ලබා දී තිබු අයිතිය පවා උදුරාගෙන තිබෙනවා. විදුලි පාරිභෝගිකයාට පැමිණිල්ලක් කරන්න තැනක් නැහැ මේ නව පනතට අනුව. විදුලි සම්බන්ධතාවයක් ලබාගන්න අයිතියක් නැහැ. විදුලි බල කර්මාන්තයේ තෙවන පාර්ශ්වකරුවා වන්නේ විදුලිය ජනනය කරන, සම්ප්‍රේශණය හා බෙදාහැරීම කරන ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා විදුලි පුද්ගලික සමාගම සහ අනෙකුත් ආශ්‍රිත ආයතන. මේ ආයතන සියල්ල නව පනත මගින් අමාත්‍යවරයාගේ ග්‍රහණයට නතු කරගෙන තිබෙනවා."

 යෝජිත පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ විදුලිබල කර්මාන්තය, නියාමනය හා පාරිභෝගික අයිතිවාසිකම් පිළිබද අබමල් රේණුවක දැනුමක් නැති පිරිසක් බවටයි ඔහු චෝදනා කරන්නේ.


නව පනත හරහා විදුලිබල අමාත්‍යවරයා වෙත විදුලි ගාස්තු තීරණය, පුද්ගලික අංශයට විදුලි ජනනය සදහා බලපත්‍ර ලබා දීම, විදුලිය මිලදී ගැනීමේදි ඒ මිල තීරණය කිරීම සහ විදුලි ජනන සැලැස්ම සකස් කිරීම ඇමැතිවරයා යටතට පැවරීමෙන් විදුලි බල අමාත්‍යවරයා ඒකාධිපතියෙක් බවට පත් කිරිමට සුදානම් වන බව ද හෙතෙම කියා සිටියේය.


විදුලි බල ක්ෂේත්‍රෙය් අත්‍යවශ්‍යම ප්‍රතිසංස්කරණ කර ගැනීමට තිබු අගනා අවස්ථාවක් විදුලිබල අමාත්‍යංශය විසින් විනාශ කරගත් බව පවසන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පනත් කොටුම්පතක් සකස් කරන ආකාරය නොදන්නා පිරිසක් විසින් කල අකටයුත්ත හේතුවෙන් ප්‍රතිසංස්කරණ ප්‍රමාද විමේ වගකීම ඔවුන් බාර ගත යැයි වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත් :

පෙබරවාරියේ සිට විදුලි බිල 50%කින් පහළට !

විදුලි සමාගම 'කොලේ වසා' සමාජ ආරක්ෂණ බද්ද අය කරලා !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්