යුද්ධයෙන් බැට කෑ දෙමළ වැසියන් දීර්ඝ කාලයක් පුරා ඉල්ලා සිටින ජාත්‍යන්තර සහභාගිත්වයෙන් යුත් සංක්‍රාන්ති යුක්ති යාන්ත්‍රණයක් ඇති කිරීම වෙනුවට,

සත්‍යය සමගිය සහ සංහිඳියාව නමින් කොමිසමක් (TURC) ස්ථාපිත කිරීමට රජය දරන උත්සාහයට බලහත්කාරයෙන් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ දැඩි විරෝධය පළ වී තිබේ.

සිය ආදරණීයයන්ගේ ඉරණම හෙළි කර ගැනීම සදහා දින 2500 ට වැඩි කාලයක් තිස්සේ කුසට නිසි ආහාරයක් පවා නොමැතිව අව් වැසි නොතකා වීදියේ අඛණ්ඩ අරගලයක යෙදී සිටින දෙමළ මවුවරුන් මෙම කොමිසම දෙමළ ජනයා රැවැට්ටීමේ වැඩක්දැයි ප්‍රශ්න කරමින් අවධාරණය කරන්නේ නව කොමිසම දකුණට ගෙනගොස් සිංහලයන්ට වැඩක් කර දෙන ලෙසයි.

“මේක දෙමළ මිනිස්සුන්ව රවට්ටන වැඩක්ද? පිටරටවල් රවට්ටන්නද මේක ගෙනාවේ? කොමිසන් ගේන ඔයාලා එකට වැඩ කරන්න ඕන. ඔයාලා ඒක කරන් නෑ. තමුන්නාන්සේලාට වාසි වෙන්න, රටවල් රවට්ටන්න, ජිනීවා රවට්ටන්න කොමිසන් සභා බලෙන් පටවනවා මිසක් අපිට වැඩක් නෑ. මේක මොකටද ඔයාලා ගේන්නේ? මේ කොමිසම දකුණේ පාවිච්චි කරන්න. ඔයාලා ඔයාලගේ සිංහල ජනතාවට මේක පාවිච්චි කරොත් ඒක ඔයාලට වාසි දායක වෙනවා. ”

 

මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන් කරනු ලැබූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි මනුවෙල් උදයචන්ද්‍රා සති අන්තයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් තව දුරටත් අවධාරණය කළේ මේ දක්වා රජය ගෙන ආ කොමිසන් සභා ගේට්ටු ඉදිරිපිට දෙමළ මව්වරුන් සිටගෙන සිටියා විනා ඉන් කිසිදු ප්‍රතිපලයක් අත් නොවු බවයි.

 

“කොමිසන් ගොඩක් මෙයාලා ගෙනල්ලා තියෙනවා. අපි කොමිසන් සභාවේ ගේට්ටු ළඟ හිටගෙන හිටියා මිසක් කිසිම කොමිසමක් ඇවිත් අපිට සාධාරණයක් කළේ නැහැ කාලය ගෙවුනා විතරයි. මේ වන විටත් දකුණේත්, නැගෙනහිරත් කොමිසමක් ගෙනල්ලා සාමය ගැන කියලා එක එක සංවිධාන කැදවලා කතා කරනවා.“



ශ්‍රී ලංකාවේ සත්‍ය, සමගිය සහ ප්‍රතිසන්ධානය සදහා වන කොමිසන් සභාව පිහිටුවීම වෙනුවෙන් විධිවිධාන සැලැස්වීම සදහා වන පනත් කෙටුම්පත 2024 ජනවාරි 01 වැනිදා විදේශ කටයුතු අමාත්‍යවරයාගේ නියමය පරිදි ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

අදාල ගැසට් නිවේදනය මෙතනින් බලන්න 
 
බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද තම සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා දින 2500 පසු කරමින් අඛණ්ඩ විරෝධතාවයේ යෙදී සිටින මව්වරුන් එක හඬින් ඉල්ලා සිටින්නේ දාහතර වසරකට වැඩි කාලයක් තිස්සේ අතුරුදහන් කර සිටින සිය සමීපතමයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙසයි.

 

යුද සමයේත්, ඉන් පසුවත් අතුරුදහන් තම ඥාතීන් සොයමින් දින දෙදහස් පන්සියකට වැඩි කාලයක් උතුරු නැගෙනහිර අරගලයේ යෙදී සිටින මුල් පෙලේ සාමාජිකයන් පවසන පරිදි මේ වන විටත් යුක්තිය නොලබාම මියගිය මව්පියන් ගණන 210 ට වැඩිය.

 

සබැඳි පුවත් :
සත්‍ය, සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන පනත් කෙටුම්පත ගැසට් කෙරේ


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්