එළැඹෙන ජනාධිපතිවරණයට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිසැකවම තරඟ කරන මුත් ජනාධිපතිවරයා තීන්දු තීරණ ගනු ලබන්නේ

මැතිවරණයක් ඉලක්ක කරගෙන නොව ආර්ථිකයේ සහ ජනතාවගේ යහපත උදෙසා අනාගත දැක්මත් මත පදනම්ව බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි.

මැතිවරණයේදී තරඟ කරනු ලබන ආකාරය ගැන ඉදිරියේදී අවසන් තීරණයක් ගන්නා බව පවසන අමාත්‍ය මනූෂ නානායක්කාර මෙරට ආර්ථික තත්ත්වය වර්ධනය කිරීමට හැකියාව ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාට පමණක් බවයි අවධාරණය කරන්නේ.

“අපි කිසිම අවස්ථාවක ඡන්ද බලාගෙන කිසිම සහනයක් ලබාදීමක් කරන්නේ නැහැ. ඡන්ද බලාපොරොත්තුවක් තිබුනා නම් මේ විදිහට බදු ගහන්නේ නැහැ. අපි කටයුතු කරන්නේ මේ සිස්ටම් එක සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමටයි.”

දේශපාලනිකව අවාසි වැඩ

ආර්ථිකය ගොඩනැඟීමට ගන්න ඇතැම් තීන්දු දේශපාලනිකව අවාසිසහගත වුවද සමස්ත ජනතාවට ජිවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමට එවැනි තීන්දු ගන්නා බව ඇමැතිවරයා කියා සිටියේය.

“අපි ආයෙත් සල්ලි අච්චුගහන්නේ නැහැ ඒ නිසයි බදු අයකරන්නේ. ඒත් බදු අයකරන්නේ තියෙන අයගෙන් විතරයි. සමස්තයට ජීවිත්වෙන්න පුළුවන් පරිසරයක් හදන්නයි අපි කටයුතු කරන්නේ. මේවා දේශපාලනිකව අවාසි සහගතයි. ඒත් අපි ඒක කරනවා.”

රටේ ආර්ථික තත්වය යහපත් වු පසුව බදු අඩු කර ජනතාවට සහන සැලසීමට පියවර ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර වැඩිදුරටත් සඳහන් කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්