මාධ්‍ය සංවිධාන, සිවිල්සංවිධාන, ‍ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා කටයුතු කරන කණ්ඩායම් සහ වෘත්තීය සමිති ආදී පාර්ශව කරුවන් රැසක් සමග සිදු කළ

සාකච්ඡාවලින් පසුව රජය ඉදිරිපත් කරන මාර්ගගත සුරක්ෂිතභාවය සම්බන්ධ පනත් කෙටුම්පනත තමා ඇතුළු පිරිස තරයේ ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළ බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කරයි.

රටේ දරුවන්ගේ, මව්වරුන්ගේ සහ සාමාන්‍ය ජනතාවගේ මෙන්ම අවදානමට ලක්වූ කොටස් වල අයිතීන් සුරක්ෂා කරනවා යන නාමයෙන් ම ආණ්ඩුව මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී අණ පනත් ඉදිරිපත් කරමින් ඒකාධිපතිත්වයක් රට තුළ ස්ථාපිත කිරීමට උත්සාහ දරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි 18 සිවිල් සමාජ නියෝජිතයන් ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවට එක් වෙමින් කියා සිටියේය.

මෙවැනි අණ පනත් හරහා ආණ්ඩුව සාකච්ඡා කිරීමේ, විවාද කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ නිදහස ඇතුළු මානව අයිතීන්න් මෙන්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරන දරදඬු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකට ප්‍රවේශ වීමට උත්සාහ දරන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය

 ප්‍රජාතන්ත්‍රවාදී පුද්ගලයෙකු බව රටටත් ලෝකයටත් පෙන්වා ඇති ජනාධිපතිවරයා මෙවැනි පනත් ක්‍රියාත්මක කිරීම හරහා ඔහු මවාගත් ස්වරූපය බොරුවක් බවට ඔප්පු කරමින් සිටින බවද විපක්ෂනයකවරයා සඳහන් කළේය.

 
එමෙන්ම ජනාධිපතිවරයා පත්කරන කොමිසමේ සාමාජිකයන්ටත් ඔහු පත් කරන ආරක්ෂක අංශවලටත් රිසි සේ රටේ පොදු ජනතාව අසහනයටත් පීඩනයටත් ලක් කළ හැකි බවත් “කතා කළොත් සිරගෙදර” හිමිවන බවට බිය ගන්නවා ජනතාව නිහඬ කිරීමේ වැඩපිළිවෙලකට ජනාධිපතිවරයා යොමු වී ඇති බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරන ලදී.
 
ජනාධිපතිවරයා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකු නම් මෙම දුර්ජන පනත් ඉල්ලා අස්කර ගෙන සියලු පාර්ශව සමඟ සාකච්ඡාවට යොමුවන ලෙස ඉල්ලා සිටින විපක්ෂ නායකවරයා, සමාජ මාධ්‍ය වැඩපිළිවෙළ අතුරුදහන් කරන තත්වයකට කටයුතු නොකර පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළකට යොමු වීම යෝග්‍ය බව පවසා ඇත.
 
සමගි ජන බලවේගය රජයක් පත් වූ විගසම අත්තනෝමතිකව සම්මත කරගත් සියලුම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණ පනත් අහෝසි කර දැමීමට කටයුතු කරන බව මෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී අණ පනත් පරාජය කිරීමට ප්‍රජාතන්ත්‍රවාදීව හා සාමකාමීව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්