මහා පරිමාණ සුදු ලූණු වංචාව සිදුකල සමාගම විසින් මෙරටට ආනයනය කරන ලද මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වරායෙන් මුදා

ගැනීම සදහා අනුමැතිය ලබා දීමට පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සුදානමක් ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අනාවරණය කර තිබේ.

පාරිභෝගික කටයුතු අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හදිස්සි රැස්වීමක් ජනවාරි 19 වැනිදා කැඳවා ඇත්තේ එම සහල් තොගය මුදා ගැනීමට සදහා සහයෝගය ලබා දීමට බවයි එම ව්‍යාපරයේ සභාපති රංජිත් විතානගේ නිවේදනය කරන්නේ.

සත්ව ආහාර සදහා ලබා දීමට මුවා වී අදාල සහල් තොග මුදා ගෙන එම සහල් වෙළදපොලේ ඇති සහල් සමග කවලම් කර අලෙවි කරන ජාවාරම්කරුවන් අදාල සිදුවීම පිටුපස සිටින බවටයි එම සංවිධානය සැක පළ කරන්නේ.

 

“සත්ව ආහාර සදහා මීට පෙරද එලෙසම සහල් මුදාගෙන ඇති පළපුරුදු තැරැව්කරුවෙකු පාරිභෝගික කටයුතු අධිකාරියේ සාමාජිකයෙකු සමග එකතු වී මෙම ජාවාරම සිදු කරන බවට සැකයක් අප තුළ ඇති වී ඇත.” යි රංජිත් විතානගේ නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික කටයුතු අධිකාරිය මෙලෙස අනීතික ආකාරයට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරන ඇතැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව නොතකමින් කිහිපදෙනෙකුගේ බඩගෝස්තරය රැක ගැනීම සදහා කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිඥයෙකු ද වන පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සභාපතිවරයා ලැජ්ජා විය යුතු බවයි එම නිවේදනයේ සඳහන් කර ඇත.

“සත්ව ආහාර සදහා සහල් ලබා දීම තහනම් කරමින් ගැසට්පත්‍රයක් ද නිකුත් කර ඇති අවස්ථාවක හා කිසිම හේතුවක් මත සහල් වෙනත් කාර්යයන්  සදහා යොදා ගැනීම නොකල යුතු බවට වෙළද අමාත්‍යාංශය විසින් ලිඛිතව දන්වා සිටියදී පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් මෙම සහල් තොගය මුදා ගැනීම සදහා අවසරය ලබා දීමට කටයුතු කරන්නේ නම් එම ගණුදෙනුව පිළිබදව සාධාරණ සැකයක් ඇතිවීම වැලැක්විය නොහැක.”

press realese Rice 1234 page 0001

 press realese Rice 1234 page 0002


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්