එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ තිබෙන යෝජනා මෙන්ම, මෙම සමුළුවේ ප්‍රකාශනයට අනුකූලව

බටහිර ඉවුර, ගාසා තීරය මෙන්ම නැගෙනහිර ජෙරුසෙලම, පලස්තීන රාජ්‍යයේ කොටසක් ලෙස පිළිගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.

එමෙන්ම ගාසා තීරයේ ජනවාර්ගික සංයුතිය වෙනස් නොවිය යුතු අතර වසර පහක් ඇතුළත පලස්තීන රාජ්‍යය ස්ථාපිත කළ යුතු යැයි යෝජනා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී අද (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සැසිය අමතමිනි.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි (Yoweri Museveni) ගේ ප්‍රධානත්වයෙන් සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන්ගේ සහ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් රාජ්‍ය නායක සැසිය ආරම්භ වූ අතර එය අද සහ හෙට (20) යන දෙදින පැවැත්වෙයි.

ඩිජිටල් සහ තාක්‍ෂණික බෙදීම් මෙන්ම සමූල ඝාතක අවි භාවිතය මඟින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී අවධාරණය කළේය.

xcgrtr
සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිදුරටත් සඳහන් කළේ විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවයි.

 එම පරිවර්තනයේදී, මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් අවධාරණය කළ ජනාධිපතිවරයා, ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බවත් පෙන්වා දුන්නේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්