leader s

ලබන සතියේ මැතිසබය වාර අවසාන කිරීමත් සමඟ ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න හා මහාචාර්ය රන්ජිත් බණ්ඩාර

සභාපති ධුර දරන ප්‍රධානම මැතිසබා කමිටු 3ද අහෝසි වීමට නියමිතය.

ඒ අනුව ලබන මස නැවතත් මැතිසබය රැස්වූ විට දැනට ආචාර්ය හර්ෂ ද සිල්වා සභාපතිත්වය දරන රාජ්‍ය මුදල් කාරක සභාවටත්, ලසන්ත අලගියවන්න සභාපතිත්වය දරන රාජ්‍ය ගිණුම් කාරක සභාවටත්, මහාචාර්ය රන්ජිත් බණ්ඩාර සභාපතිත්වය දරන පොදු ව්‍යාපාර කාරක සභාවටත් නව සභාපතිවරුන් පත්කරගත යුතුය.

මෙයින් රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපතිත්වය සම්ප්‍රදායිකව විපක්ෂයට හිමිවෙයි. මෙම කමිටු සඳහා නව සභාපතිවරුන් පත්කර ගැනීම සම්බන්ධයෙන් මේ වනතෙක් සුදුස්සන් නම්කර නොමැත.

මෙවර මැතිසබය වාර අවසාන කිරීමත් සමඟ මැතිසබයේ ක්‍රියාත්මක විවිධ කමිටු 85කින් 16ක් පමණ අහෝසි වීමට නියමිතය.


(deshaya.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්