මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය වියදම් කරමින් මත්ද්‍රව්‍ය තුරන් කිරිමට උත්සාහ දරන පිරිස් වෙත මඩ ප්‍රහාර එල්ල

කරන බවට පොලිසිය බාර අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

අපරාධ මෙහෙයවන පිරිස පසුපස සිටිමින් ඔවුන් ඉදිරියෙන් විවිධ පිරිස් තබා ගනිමින් අපහාස කිරිම සිදුවන බව කොළඹ දකුණ ප්‍රදේශයේ ප්‍රජා පොලිස් කමිටු දැනුවත් කිරීම සඳහා නෙළුම් පොකුණ රඟහලේදී පැවති විශේෂ වැඩමුළුවකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් කියා සිටියේය.

“මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මිලියන, බිලියන ගණනක ධනය අපට මඩ ගැසීම වෙනුවෙන්, ඇතැම් නීතිඥයින් හරහා විවිධ ප්‍රකාශ සිදුකිරීම හා විවිධ චෝදනා එල්ල කරමින් නඩු පැවරීම වෙනුවෙන් ඔවුන් වියදම් කරනවා.”

කෙසේ වෙතත් එම ක්‍රියාවන්ට පසුබට නොවන බව කී අමාත්‍යවරයා මත්ද්‍රව්‍ය සහ පාතාල උවදුර තුරන් කරන තෙක් මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බව අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සියලු දෙනා හට නීතිය එක ලෙස දැඩිව ක්‍රියාත්මක කරන බවද ටිරාන් අලස් ඇමැතිවරයා මෙහිදී සඳහන් කළේය.

“මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධව විවිධ පාර්ශ්වවල පිරිස් කටයුතු කරනවා. ඇතැම් පොලිස් නිලධාරීන්ද ඊට සම්බන්ධ වී සිටිය හැකියි. නමුත් නීතිය සැමට එක සමානයි. අනිවාර්යෙන්ම නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. එළඹෙන ජුනි මස අවසන් වන විට රටේ විශාල වෙනසක් ඇති කිරීම අපේ අරමුණයි."

මත්ද්‍රව්‍ය තුරන් කිරිමට විරුද්ධව සුළු පිරිසක් සමාජ මාධ්‍යවල යම් යම් අසත්‍ය ප්‍රචාර පැතිරවීමට කටයුතු කළ ද ඕවාට කලබල නොවී ආරම්භ කළ වැඩ කොටස අවසානය දක්වා අඛණ්ඩව සිදුකරගෙන යන බව ඇමැති ටිරාන් අලස් වැඩිදුරටත් අවධාරණය කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක, සාගල රත්නායක, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් වියානි ගුණතිලක, වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රජා පොලිස් කමිටු සාමජිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

pt 1pt 2pt 4pt 3


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්