leader s

යල කන්නයේ නියඟය නිසා සිදු වූ වගා හානි වන්දි ගෙවීම සඳහා රජය රුපියල් කෝටි 100ක් වෙන් කළ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය

මහින්ද අමරවීර පැවසීය.

ඉන් රුපියල් කෝටි 50 කට අධික වන්දි දැනටමත් ගෙවා අවසන් කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. ඉතිරි වන්දි  මුදල් ද ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කඩිනමින් ලබා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 හානිය වී මාස දෙකක් ඇතුලත ගොවීන්ට වන්දි දීම ආරම්භ කළ බව කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.

2023 වසරේ බලපෑ නියඟය හේතුවෙන් වී වගා බිම් අක්කර 65,000ක් හානියට පත් වූ අතර ගොවීහු 61,000ක් පීඩාවට පත් වූහ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කළ තක්සේරුවට අනුව වැඩිම වගා හානි ප්‍රමාණයක් වාර්තා වූයේ කුරුණෑගල හා වලව කලාපයෙනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ වගා හානි වන්දි සඳහා වෙන් කර ඇති මුදල රුපියල් තිස් හය කෝටි හැට ලක්ෂයකි.

(lankadeepa.lk - අංජුල මහික වීරරත්න)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්