ඉදිරි මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත් වන්නැයි 'සමගි ජන බලවේගයේ' නායක සජිත් ප්‍රේමදාසගෙන්
එම දිස්ත්‍රීක්කයේ ජනතාවගෙන් බලවත් ඉල්ලීමක් ඉදිරිපත්ව ඇතැයි විපක්ෂනායක කාර්යාල ආරංචිමාර්ග පවසයි.
කෙසේවුවද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් මිට ඉහතදී වාර්තාවූයේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා මෙවර මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රීක්කය නියෝජනය කරමින් නව සන්ධානය යටතේ ඉදිරිපත්වන බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත්වන බවත්ය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා හා විජිත් විජිතමුණි සොයිසා යන හිටපු ඇමතිවරුන් ද ඉදිරි මහ මැතිවරණයේදී 'සමගි ජන බලවේගය' යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් ඉදිරිපත්වීමට නියමිතය.