leader s

මෙවර 76 වැනි නිදහස් සමරු උළෙලේ ගෞරවනීය ආරාධිතයා ලෙස තායිලන්ත අග්‍රාමාත්‍ය ස්‍රෙතා තැවිසින් (Srettha Thavisin) සහභාගී වීමට

නියමිතය.

ඔහු පෙබරවාරි තුන් වැනිදා ලංකාවට පැමිණෙන අතර ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීම ඔහුගේ පැමිණීමේ තවත් එක් අරමුණක් වී තිබේ.

තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමට නියමිතව ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරාධනය මතයි.

මෙවර ජාතික නිදහස් උළෙල සංස්කෘතිකාංග වලින් තොරව ත්‍රිවිධ හමුදා උත්තමාචාර වලට පමණක් සීමා කොට ගාලු මුවදොර දී පැවැත්වීමට තීරණය කර ඇත.

නිදහස් දිනයට පැමිණෙන ආරාධිතයන්ට පිළිගැන්වීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ සමරු කලාපයක් ද සම්පාදනය කරන අතර නැවත පරිශීලනය කළ හැකි සමරු කළඹක් ලෙස එය සකසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයේ ප්‍රවෘත්තිය අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී තිබේ.

එමෙන්ම එම සමරු කළඹෙහි ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ  ගිවිසුම සිංහල, දෙමළ, ඉංග්‍රීසි සහ තායි භාෂා වලින් පළ කරන ලෙසත් ජනාධිපතිවරයා දැනුම් දී ඇත. 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්