මත්ද්‍රව්‍ය සඳහා අබ්බැහිවූවන් ඉන් මුදාගැනීම අරමුණින් ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හා පුනරුත්ථාපනය වීමට මඟපෙන්වීමට දවසේ පැය

24 පුරාම ක්‍රියාත්මක 1927 ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

විෂ මත්ද්‍රව්‍ය හා අන්තරායකර ඖෂධ භාවිතය වළක්වාලීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් මෙම ක්ෂණික දුරකතන අංකය දැනුම් දීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ (26) කොළඹ 01, ලයිට් හවුස් ගැලරිහිදි පැවැත්විණි.

මෙම දුරකතන අංකය සහිත කෙටි වැකි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන බව ද සභාපතිවරයා කීය.

''මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් හට ඉන් මිදීම සඳහා ස්වේච්ඡාවෙන් ප්‍රතිකාර ලබා ගැනීම සහ පුනරුත්ථාපනය වීමට ක්ෂණික දුරකතන ඇමතුම් අංක 1927 අමතන්න. ඔබගේ පෞද්ගලිකත්වය සහ තොරතුරුවල රහස්‍යභාවය සුරකිනු ලබයි'' නාවික හමුදාපතිවරයා කීය.

මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් වීමට නොහැකි බවට ගොඩ නැඟී තිබෙන මතය සම්පූර්ණ පුස්සක්. ඉන් ඔබට නිසැකවම නිදහස් විය හැකි වනු ඇතැයි ඔහු පැවසීය.

ඔබ තවදුරටත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පීඩා විඳිය යුතු නැත. මතින් නිදහස් වීමට විශ්වාසයෙන් යුතුව 1927 කතා කරන්න යැයි නාවික හමුදාපතිවරයා ඉල්ලීමක් කළේය. 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්