leader s

සුරාබදු ගෙවීම දිගින් දිගටම මගහරිමින් සිටින මත්පැන් නිෂ්පාදන සමාගම් නවයට හිග බදු මුදල් කඩිනමින් ගෙවන ලෙස දැනුම් දුන් බව සුරාබදු

කොමසාරිස් ජනරාල් එම්.ජේ ගුණසිරි පැවසීය.

එම සමාගම්වලින් රුපියල් කෝටි 720 ක් ලැබීමට ඇති බවත් මෙම හිග මුදල් කඩිනමින් අයකර ගැනීමට පියවර ගන්නා බවත් ඔහු කීය.

බදු ගෙවා නොමැති සමාගම් දෙකකට මේ වන විටත් නඩු පවරා ඇති බවත් හිග බදු මුදල් පසුගිය වසරේ ජූනි 15 ට පෙර ගෙවා නොමැති සමාගම් දහය අතරින් 'ෆින්ලන්ඩ් ඩිස්ටලරීස් සමාගම පසුගිය දෙසැම්බර් වන විට හිග බදු මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇති බවද සුරාබදු දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සදහන් කළේය.

බදු පැහැර හැර ඇති මත්පැන් සමාගම් 


මෙරට මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් රුපියල් කෝටි 678 කට අධික සුරා බදු මුදල් ප්‍රමාණයක් රජය වෙත ගෙවීම පැහැර හැර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කොට තිබේ.

අදාළ පෙත්සමේ සඳහන් වන ආකාරයට රජය වෙත හිඟ බදු මුදල් ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම් 10 ක් නම් කර තිබේ.

එම මත්පැන් නිෂ්පාදන සමාගම් වන්නේ,

1. ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගම
2. වයඹ ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
3. ග්ලෝබල් බ්ලෙන්ඩර්ස් ඇන්ඩ් බොට්ලර්ස් පුද්ගලික සමාගම
4. මැක්ලම් බෲවිං සමාගම
5. කළුතර ඩිස්ටිලරීස් සමාගම
6. ෆින්ලන්ඩ් ඩිස්ටිලරීස් කෝපරේෂන් පුද්ගලික සමාගම
7. සිනර්ජි ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම
8. රන්දෙනිගල ඩිස්ටිලරීස් ලංකා සමාගම
9. හිඟුරාන ඩිස්ටිලරිස් පුද්ගලික සමාගම
10. රෝයල් සිලෝන් ඩිස්ටිලරීස් පුද්ගලික සමාගම


(උපුටා ගැනීම් - lankadeepa.lk - යොහාන් භාසුර)

සබැඳි පුවත් :

කෝටි 600 බදු පැහැර හැර ඇති මත්පැන් සමාගම් 10 ක ලැයිස්තුව ඔබ දන්නවා ද ?

මත්පැන් සමාගම් 09කින් කෝටි 600ක බදු පොල්ලක් !

සුරාබදු ආදායම අඩුවෙයි : රටපුරා 'හොර මත්පැන්' වැඩිවෙලා

බදු පොලු තැබූ අරක්කු සමාගම්වල බලපත්‍ර අත්හිටුවීමට නියෝගයක් !

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්