leader s

රට ආර්ථික වශයෙන් කඩා වැටෙන තුරු “සිස්ටම් චේන්ජ් එකක් කරන්න” කවුරුත් නොසිටි

බවත් ඒ අවස්ථාවේ දී සිස්ටම් චේන්ජ් වෙනුවෙන් වැඩ කරපු රනිල් වික්‍රමසිංහ හට දේශපාලන නායකත්වය ලැබුන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා පවසයි.

ඉන් පසුව තෙල්, ගෑස් පෝලිම් නැතිවුවා මෙන්ම, බෙහෙත් නැතිව මිනිසුන් මැරෙන යුගය අවසන් වී අවනීතිය රජ කරන යුගය නැවතී ගිය බව අමාත්‍ය මනූෂ නානායක්කාර ජනවාරි 31 වැනිදා ජයගමු ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසටහනේ සම්රම්භක උත්සවයට එක්වෙමින් කියා සිටියේය.

“මේ රට ආර්ථික වශයෙන් කඩාගෙන වැටෙනකම්ම සිස්ටම් චේන්ජ් එකක් කරන්න මේ රටේ කවුරුවත් හිටියේ නෑ. කඩාගෙන වැටුනට පස්සේ තමයි මේ අය සිස්ටම් චේන්ජ් කරන්න බැස්සේ. අන්න ඒ වෙලාවේ තමයි සිස්ටම් චේන්ජ් වෙනුවෙන් වැඩ කරපු රනිල් වික්‍රමසිංහ කියන දේශපාලන නායකත්වයට අවස්ථාවක් ලැබෙන්නේ. තෙල් පෝලිම් නැති වුනා. ගෑස් පෝලිම් නැති වුනා. බෙහෙත් නැතිව මිනිස්සු මැරෙන එක නැතිවුනා. මූල්‍ය විනයක් ඇතිවුනා. අවනීතිය රජ කරන්න ගියපු එක නැවතුනා.”

දර්ශනයට නම දුන්නේ මම

ජනාධිපතිවරයා ආර්ථික ව්‍යවසනයෙන් රට ගොඩනගා පෙන්වු බව කියන ඇමැතිවරයා ඒ දර්ශනයට නම ලබා දුන්නේ තමන් බව ද සඳහන් කළේය.

“මොකක්ද ඒ දර්ශනය. ඒ දර්ශනයට මමයි නම දුන්නේ. ඒ නම තමයි මගෙන් පටන් ගමු කියලා ඔබ දකින්නේ. තමන් පිරිහුනොත් සමාජයත් පිරිහෙනවා. සමාජයක් පිරිහුනොත් රටත් පිරිහෙනවා. රටක සමබරතාවය ඇතිකරන්නේ, රටක් සාමකාමීව පවත්වාගෙන යන්නේ රටේ ආර්ථිකය.” යැයි ඔහු පැවසීය.

තමන්ට චෝදනා කරන සියලු දෙනාගේ වීරයෙකු වී බෙහෙත් නැතිව මැරෙන මිනිස්සුන්ගේ මිනී කරේ තියෙගෙන, තෙල් ගෑස් පෝලිමිවල මැරෙන මිනිසුන්ගේ මිනි කරේ තබාගෙන නොගොස් “මමත් මගෙන් පටන් ගත්තා” යි අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.

“අපි අහසින් දේශපාලනයට පහත් වුනේ නෑ. අපි පොලොවෙන් දේශපාලන කරගෙන ආපු මිනිස්සු. අපිට අවශ්‍ය වෙන්නේ මහ පොලොවේ දේශපාලනය කරන්නයි” මනූෂ නානයක්කාර අවදාරණය කරයි.

දුප්පත් යන ආකල්පයෙන් මිදී රටේ ඇති සම්පත්වලින් සහ ශ්‍රම දායකත්වය කළමනාකරණය කරගනිමින් රට පොහොසත් කළ හැකි බවටයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන්නේ.

“ලංකාව ජය ගන්නවා කියන්නේ ඔයගොල්ලෝ හැමෝම ජයගන්නවා. ඔයගොල්ලෝ හැමෝම තමයි ලංකාව.” යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර වැඩිදුරටත් අවදාරණය කළේය.

8eri3f
 


(චතුරංග මේදිස්)
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්