දේශිය හා ජාත්‍යන්තර විරෝධය මැද ආණ්ඩුව විසින් ගෙන එන ලද මාර්ගගත සුරක්ෂිතභාවය

පිළිබඳව කෙටුම්පත හරහා අගතියට පත්වන පාර්ශව හට නීති සහාය ලබා දීමට සමගි ජන බලවේගය සුදානම් බව විපක්ෂ නායකවරයා ප්‍රකාශ කර තිබේ.

සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිමට බිය නොවන ලෙසත් එසේ සත්‍යවාදී තොරතුරු රටට හෙළි කිරිම තුළින් අසහනයට පත් වන රාජ්‍ය මිලේච්ඡත්වය රාජ්‍ය හිරිහැරවලට අත්අඩංගුවට ගැනීම්වලට ලක්වන සියලුම ජනතාව වෙනුවෙන් නොමිලේ නීති සහාය ලබා දෙන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසන්නේ.

මාර්ගගත සුරක්ෂිතභාවය යනුවෙන් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය නැති කිරීම නිසා සමාජ මාධ්‍ය හරහා රටට තොරතුරු හෙළි කිරිමට මිනිසුන් බය වී ඇති බව විපක්ෂ නායකවරයා, පෙබරවාරි 2 වැනිදා කේවල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 80 වැනි අදියර යටතේ කඹුරුපිටිය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමට එක්වෙමින් පැවසීය.

ඇත්ත කතා කරන්න, චරිත ඝාතනය නොකර නිදහසේ සත්‍ය හෙළිදරව් කරන්න ජනතාවට අයිතිය ඇති බව පවසන සජිත් ප්‍රේමදාස මෙය හිට්ලර්ගේ හෝ මුසොලනීගේ හෝ ස්ටාර්ලින්ගේ රට නොවන බවත් ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙළක් බව අවධාරණය කළේය.

රට විනාශ කළ පුද්ගලයන්ගෙන් බලය ලබා ගෙන හිට්ලර්ලා, මුසෝලනීලා වෙන්න උත්සාහ දරන්නේ නම් තව මාස 7, 8කින් ජනතාව රටේ වෙනසක් සිදු කරනු ඇති බවට විශ්වාස කරන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම වෙනස පොදුජන වරම තුළින් සිදුවන බව තවදුරටත් කියා සිටියේය.

(චතුරංග මේදිස්) 

සබැඳි පුවත් :

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්