leader s

ඉදිරි ජනාධිපතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මැතිවරණ මෙහෙයුම් කමිටු ප්‍රධානියා ලෙස ජනාධිපති නීතිඥ රොනල්ඩ් පෙරේරා පත් කිරීමට පක්ෂ

නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පියවර ගෙන ඇතැයි 'සිළුමිණ' පුවත්පත වාර්තා කරයි.

  ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය දෙන අනෙකුත් පක්ෂ සමඟ සම්බන්ධ වෙමින් පක්ෂයේ මෙහෙයුම් කටයුතු කිරීම මෙම කමිටුවට පැවැරෙන ප්‍රධාන රාජකාරියක් වේ. ඊට අමතරව පක්ෂයේ ප්‍රචාරණ යාන්ත්‍රණය ද මෙම කමිටුව හරහා සිදු කිරීමට නියමිත බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් කළමනාකරු ලසන්ත ගුණවර්ධන, පක්ෂයේ විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් හා කෘත්‍යාධිකාරි මණ්ඩල සභික ක්‍රිෂාන් තියඩෝර් පත් කර ඇතැයි ද 'සිළුමිණ' පුවත්පත් වාර්තාවේ.

 මේ කමිටුව හා එක්ව වැඩ කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක් පත් කිරීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ද තීරණය කර ඇත.

මැතිවරණ මෙහෙයුම් කටයුතු කිරීමට ස්ථානයක් තෝරා ගන්නා ලෙස උපදෙස් දී ඇති ජනපති මැතිවරණ මෙහෙයුම් කටයුතු ගැන සැලසුමක් දෙන ලෙස ද පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

මේ අතර සජිත් ප්‍රේමදාස විපක්ෂනායක විසින් සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සුජීව සේනසිංහ පත්කර තිබේ. 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්