දෙස් විදෙස් විරෝධය මැද ආණ්ඩුව විසින් පසුගියදා සම්මත කරගත් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය

සම්බන්ධ පනත පිළිබඳව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය නිවේදනයක් නිකුත් කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකර කතානායකවරයා නිවැරදි පටිපාටියෙන් බැහැරව මෙම පනත සම්මත කර ගත් බවට විවිධ පාර්ශවවලින් චෝදනා එල්ලි වී තිබුනි.

එම චෝදනා සම්බන්ධව නිකුත් කර ඇති මෙම නිවේදන මගින් මාර්ගත ක්‍රමවල සුරක්ෂිතභාවය සඳහා වන පනත සම්මත කරගත් ආකාරය හා එහි ක්‍රියාපටිපාටිය මෙන්ම සියලු ලියකියවිලි ද පරික්ෂා කර බලා කරුණු අවබෝධ කර ගැනීමට සහ විෂය දැනුම ඇති නිලධාරින්ගෙන් උපදෙස් ලබා ගැනීමට ආරධනා කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් කවර නිර්දේශ නොසලකා හැර ඇති දැයි මන්ත්‍රීවරුන් නිශ්චිතව සඳහන් කරන්නේ නම් අදාළ බලධාරින්ට එම චෝදනාවලට ප්‍රතිචාර දැක්විය හැකි බව පර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ වැඩබලන සන්නිවේදනඅධ්‍යක්ෂ එච්.ඊ ජනාකාන්ත සිල්වාගේ අත්සනින් නිකුත් කළ  නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

එම සම්පුර්ණ නිවේදනය පහතින්

1 pa

2 pa

3 pa

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්