ශ්‍රී ලංකාවේ 76 වන නිදහස ට සමගාමීව ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර දී එරට තානාපති මහින්ද සමරසිංහගේ ප්‍රධානත්වයෙන් නිදහස් උළෙල 02ක් උත්කර්ෂවත් ලෙස පැවැත්වින.


ඉන් පළමුවැන්න එදින පෙරවරුවේ තානාපති පරිශ්‍රයේදී පැවති අතර ජාතික කොඩිය එසවීම, ජාතික ගීය සිංහල හා දෙමළෙන් ගැයීම, නිදහස වෙනුවෙන් කැපවූ හා දිවිදුන් විරුවන් සැමරීම, චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වීම හා බෞද්ධ හින්දු මුස්ලිමි ක්‍රිස්තියානි ආගමික කටයුතු ඊට ඇතුලත් විය.

අනතුරුව ආරාධිත ලාංකිකයන් හා ඇමෙරිකානුවන් අතුළු විශාල පිරිසක් මධ්‍යයේ උත්සව සභාව පැවැත්වින. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු වැඩ බලන නියෝජ්‍ය සහකාර ලේකම් ස්කොට් අර්බම් එක් විය.

 

ind 1
එදින පස්වරුවේ වොෂින්ටන් හි ජෝන් එෆ් කෙනඩි උසස් පාසැල් ශ්‍රවණාගාරයේ දී ඇමෙරිකාවේ ක්‍රියාත්මක ලාංකික සංවිධාන 06 ක් වන SL Ranga kala kavaya , Bethesda Api , Am - SL friendship Ass: (Ape kattiya) , SL Ass: of W - DC , Kala lanka foun: , Hospetal Ser : council of Greter Washington තානාපති කාර්යාලයේ ද සම්බන්ධීකරණයෙන් සංස්කෘතික උළෙලක් පැවැත් වූ අතර ඊට 1000 ක් පමණ එක්වූහ. 

 

ind 3

''ලාංකික අපට එකමුතු වූ විට කල නොහැකි දෙයක් නැ''

ශ්‍රවණාගාරය ලබාදීමේ වගකීම තානාපති කාර්යාලය විසින් ඉටුකළේය. එහිදී සභාව ඇමතූ තානාපති මහින්ද සමරසිංහ ලංකාව ගැන කල විග්‍රහය ප්‍රසංශාවට ලක් විය.

"මම ඇමෙරිකාවෙ වගකීම් බාරගන්න කොට ලංකාව ආර්ථික අභියෝග රැසකට මුහුණ දුන් රටක්. ඖෂධ ඉන්දන ගෑස් පොහොර අත්‍යවශ ආහාර පවා තිබුණෙ නෑ. ලංකාවෙ බැංකුවකින් නිකුත්කල ණයවර ලිපි කිසිම රටක් පිළිගත්තෙ නෑ. රටේ සංචිත දින 3 – 4 කටයි තිබුණෙ. ඒ අතරෙ අරගලය පටන් ගත්තා" ඔහු කීවේය.

තවදුරටත් සභාව ඇමතූ තානාපතිවරයා මෙසේද පැවසිය.

"රටට කිසිම මාවතක් තිබුණෙ නෑ. IMF එක්ක අපි කතාකරල එවකට ජනපතිට කිව්වා. එතුමා ඒ වැඩ පිළිවෙල අනුමත කලා. වත්මන් ජනාධිපතිතුමා එය ඉදිරියට ගෙනගියා. ලංකාව ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්වුණේ එතනින්. රුපියල් කෝටි 1800 ක නොමිලේ බෙහෙත් හා ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 270 ක (රු කෝටි 8900 ) උදව් ලංකාවට ලැබුණා. ඉන් කොටසක් පොහොර මිලට ගන්න වැය කලා. තවද ඇමෙරිකාවේ  DFC වෙතින් ඩො බිලියනයක (රු කෝටි 32, 300 ) ආයෝජන ආධාර ලංකාවට ලැබුණා. ඇමෙරිකාව තව හුගක් දේ අපට කලා. 2024 දී ඒ උදව් තව වැඩි කරගන්න ක්‍රියා කරනවා. ඊට ඔබේ සහායත් අවශ්‍යයි. 

ලොව හොදම රටේ ඉහළ තලයක සිටින ඔබ ලංකාව අමතක නොකරන බව මට විශ්වාසයි. ලාංකිකයන් මෙරට ආර්ථිකය නැංවීමට දෙන දායකත්වය ගැන ප්‍රසංශා ලැබෙනවා. ලංකාවෙ ආර්ථිකය හා සෙසු සියලු දේ දැන් යම් පරිවර්ථන අවදියක තියෙන්නේ. ඒ ගැන වගේම ලංකාවේ සුන්දරත්වය ගැනත් ඇමෙරිකානුවන්ට කියාදෙන්න" තානාපති මහින්ද සමරසිංහ පැවසිය. 

ලාංකික සංවිධාන 06 ක් එකමුතුව මුල් වරට පැවැත්වූ මෙම උත්සවය මින් ඉදිරියට සෑම වසරකම පවත්වන්නට හැකිවේවායි කී තානාපතිවරයා ලාංකික අපට එකමුතු වූ විට කල නොහැකි දෙයක් නැති බව ද පැවසීය.

(අශෝක ජයතුංග වොෂින්ටන් DC සිට)

ind 2


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්