පක්ෂ නායකත්වය විවේචනය කරන සහ පක්ෂයේ සාමූහික තීන්දු කඩකරන කවර හෝ පුද්ගලයන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය තීරණය කර ඇතැයි වාර්තාවේ.


එසේ නොවුන හොත් පක්ෂයේ විනය පිරිහෙන බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇතැයි ද පැවසේ. 

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අදහස් දක්වන අවස්ථාවේදී ඊට විරෝධය පාමින් මුළු කණ්ඩායමම සභාවෙන් ඉවත්වීමට තීරණයක් ගෙන තිබු අවස්ථාවක එය නොසලකා හරිමින් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සභාගර්භයේ රැදී සිටියහ.

කණ්ඩායමක් ලෙස ගන්නා එවැනි තීන්දු පැහැර හරින මන්ත්‍රීවරුන් ගැනද අවධානයෙන් සිටින ලෙස පක්ෂ නායකත්වය පක්ෂ මහලේකම්වරයාට දන්වා තිබෙන බවද ඉහත ආරංචිමාර්ග වැඩි දුරටත් පවසයි.

මේ අතර ජෙරනල් දයා රත්නායක සජබට එක්කර ගැනීම සම්බන්ධයෙන් සජබ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පසුගියදා මාධ්‍ය හමුවක් කැඳවමින් සිදුකල බරපතල විවේචනයට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රතිචාර දැක්වුයේ මෙසේය.


(මුලාශ්‍රය - asianmirror.lk)


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්