ශ්‍රී ලංකාවේ දිනපතා මෙන්ම සති අන්ත පුවත්පත් කාටුන් ශිල්පියෙකු වන තලංගම ජයසිංහ ඊයේ (07) සිය දිවි සැරිය නිම කර තිබේ.

 
ලංකාදීප, දිනමිණ පුවත්පත් ඔස්සේ කාටුන් කලාවට අරුත්බර බවක් ලබා දෙන කාටුන් නිර්මාණයේ ප්‍රවීණයෙකු වූ ඔහු ජනප්‍රිය පලාමල්ල, ඇතුමා, අනේද කියන්නේ, යනාදී කාටුන් ඇතුළත් සිව්පද කවිය ඔස්සේ බෙහෙවින් ජනතා හදවත් දිනූ කාටුන් ශිල්පියෙකු වන්නේය.

බොහෝ පුවත්පත් කාටුන් නාමිකව මෙන්ම නමක් භාවිතයෙන් තොරවද නිර්මාණය කිරීමට කටයුතු කළ දුර්ලභ කාටුන් ශිල්පියෙකු වූ තලංගම ජයසිංහ මිය යන විට 88 වැනි වියේ පසු විය. ඔහු චිත්‍ර කතා කලාවට ද බෙහෙවින් ඇල්මක් දැක්වූ තැනැත්තෙකු වන්නේය. ඔහුගේ සමකාලීන මිතුරන් ඔහු හඳුන්වන්නේ 'තලං' නමිනි.
 
රටට බරක් වූ දේශපාලකයන්ට එරෙහිව පෑන, තෙලිතුඩ හැසිරවූ ජනමාධ්‍යවේදියෙකු හැටියට ලංකාදීපයේ මාධ්‍යවේදී ආරියරත්න රණබාහු තලංගම ජයසිංහ හඳුන්වා දී තිබිණි.
 
15319221 10158507710335377 646482991477141954 n

 talan


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්