ස්වර්ණමාලී සෑ රදුන් අභියස රණකෙලි පුජාවක්, කිරි ආහාර පූජාවක් හා ධර්ම දේශනාවක් සිදු කිරීමට

'සිව් හෙළ ජාතික අංගම් ශිල්ප කලා සම්මේලනය' මඟින් කටයුතු කර ඇත.

අතීතයේ සිට මේ භූමිය ආරක්ෂා කිරීමට දිවි හිමියෙන් වැඩ කටයුතු කල අතීත අභීත භික්ෂුන් වහන්සේලාට සියලු ගිහි රණකාමී විරුවන්ට පිං පැමිණ වීම හා මේ මොහොතේ දී පවා එම අරමුණ පෙරදැරිව කටයුතු කරණ උතුම් මිනිසුන්ට ආශිර්වාද එක් කිරීමේ මූලික අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන බව එම සංවිධානය පවසයි.

මෙම වැඩ සටහනහි ප්‍රමුඛ කටයුත්ත වන ''රණ කෙළි පූජාව'' පෙබරවාරි 10 දින ප.ව 5.00 ට පමණ රුවන්වැලි සෑ අසල පිහිටි වැලි මලුවෙහිදී ශිල්පීන් 120 දෙනෙකුගේ සහභාගීතවයෙන් කිරීමට නියමිත අතර පසු දින එනම් (11 වැනි දින)  උදෑසන කිරි ආහාර පූජාව හා සුදුර ධර්ම දේශනාවක් සිදු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

එදින පෙ.ව 8.45 සිට පෙ.ව 10.30 වන තෙක් එම ධර්ම දේශණාව පැවැත්වීමට නියමිතව ඇත.

xgdr4

kjhdsjgf

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්