එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කොට කුලියාපිටිය ආසනය පුරා ගෙයින් ගෙට ගොස්

සාමාජිකයින් දැනුවත් කිරීමේ සති හතක වැඩසටහනක් ආරම්භ කරන බව සමගි ජන බලවේගයේ කුලියාපිටියේ ආසන සංවිධායක පවසයි.

ඒ අනුව මෙම මස 10 සිට මාර්තු 31 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි හිටපු ඇමැති පියසෝම උපාලි පවසන්නේ.

පසුගිය ජනවාරි 20 පැවති ක්‍රියාකාරීන්ගේ රැස්වීමේදී සහ ජනවාරි 27 පැවති කුලියාපිටිය නගර සභා හා ප්‍රාදේශීය සභා අපේක්ෂක කණ්ඩායමේ රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ඔහු කියා සිටියේය.

ජනාධිපතිවරණය අරමුණු කොට, ගෙයින් ගෙට ගොස් සාමාජිකයන් බදවා ගැනීම සියලුම කොට්ඨාශ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව පැවසු සමගි ජන බලවේගයේ කුලියාපිටියේ ආසන සංවිධායක හිටපු ඇමැති පියසෝම උපාලි මෙම වැඩසටහන සෑම ප්‍රාදේශයකම වේගවත්ව මෙන්ම ශක්තිමත්ව සිදුකරන බව වැඩිදුරටත් සඳහන් කළේය.

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්